728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, April 24, 2023

මටත් සියල්ල හැර දා රට යන්න වුනා - හර්ෂි


  'රාජිනී’ ටෙලි නාට්‍යයෙන් සහ මේ දිනවල තිරගත වන ‘සහෝ’ චිත්‍රපටයෙන් හමුවන හර්ෂි අංජුමාලා ගැන හැමෝම කතා කරනවා. ඇය රටින් යනවා කියන කතාවකුත් පැතිරෙන නිසා අපි හර්ෂි අංජුමාලා එක්ක කතා කරන්න හිතුවා... 

අංජුමාලා මේ දවස්වල මොකද වෙන්නේ...

 දෙරණ නාළිකාවේ විකාශය වන රාජිණි නාට්‍යයයේ වැඩ කරගෙන යනවා. ඒ එක්කම මගේ හඬකැවීම් පැත්තෙන් අලුත් නිර්මාණයක වැඩ කළා. ඒක ජාතික රූපවාහිනියේ "මං ඔබේ ළඟින්" කියලා විකාශය වෙනවා. ඊට අමතරව තව අලුත් වැඩකට ලැස්ති වෙනවා. මම රංගනයෙන් දායක වුණු සහෝ චිත්‍රපටය දැන් තිරගත වෙනවා. ඔය දේවල් වලට තමයි කාලය වෙන් කරලා තියෙන්නේ. 

අපි සහෝ ගැන කතා කළොත්..

 සහෝ හි මම කරන්නේ ප්‍රධාන චරිතයක්. මගේ චරිතය තමයි හිරු. හිරුගේ චරිතය මම මෙතෙක් කළ නිර්මාණවල චරිත වලට වඩා ගොඩක් වෙනස් චරිතයක්. ඒක ඇත්තටම ලොකු අධ්‍යයනයක් එක්ක මට කරන්න වුණු චරිතයක්. ඒක මටත් අභියෝගයක් වුණා. ඒ වෙනස් අත්දැකීම මට වගේම මේ සිනමා නිර්මාණය බලන ප්‍රේක්ෂකයන්ටත් අලුත් අත්දැකීමක් වෙයි.

එතකොට රාජිණි නාට්‍යයේ අභිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඒක ඇත්තටම මම මෙතෙක් නිර්මාණවලින් ලබා ගත්තේ නැති හරි අවංක ප්‍රතිචාර ලැබෙන්නේ. සමහර අය දර්ශන තලයටම ඇවිත් අපි එක්ක ඒඅයගේ හැඟීම් බෙදා ගන්නවා. මේ මෑතක ෆැමිලි එකක්ම ආවා රාජිණි නාට්‍යයයේ රූපගත කෙරෙන තැනට. ඒ ඇවිත් අපි එක්ක කතා කරද්දි ඒ අයගේ ඇස්වල කඳුළු. ඒක හරිම අහම්බයක්. මොකද ප්‍රේක්ෂකයන් චරිතවල‍ට ආදරේ කරනවා. නමුත් ප්‍රේක්ෂකයන්ගේ ඇසෙන් කඳුලක් වැටෙන්න තරම් හැඟීම් දැනවෙන විදියට ප්‍රේක්ෂකයන්ගේ හිත්වල ඉන්නවා කියන්නෙම මම දකින්නේ ලොකු වාසනාවක් විදියට. රාජිණි නාට්‍යයයේ අභි නිසා මට ලැබෙන්නේ අන්න ඒ වගේ වටිනා වූ ප්‍රතිචාර. 



එතකොට ‘මං ඔබේ ළඟින්’ හි ඔබේ චරිතය මොකක්ද?

සෙනසුරාදා ඉරිදා රාත්‍රි 7.30 ට ජාතික රූපවාහිනියේ ‘මං ඔබේ ළඟින්’ කියන ජපන් නාට්‍යය විකාශය වෙනවා. එහි ප්‍රධාන චරිතය මම කරන්නේ. ඒකත් අංජුමාලාට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි. මොකද මගේ රංගනයට ආදරේ කරන අයට මගේ කටහඬින් අලුත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් නිර්මාණයක් මං ඔබේ ළඟින්.

හඬකැවීම් කරන පළමු චරිතයද?

මේ මම ජාතික රූපවාහිනිය එක්ක කරන දෙවන නිර්මාණය. මම මුලින්ම කරේ මතක සිත්තම් හි උප චරිතයක්. ඒක සාර්ථකව කළ නිසා වෙන්න ඇති මට මේ ‘මං ඔබේ ළඟින්’ නිර්මාණයේ ප්‍රධාන චරිතය ලැබුණේ. 



ඉදිරියට තව එන්න නිර්මාණ තියෙනවද?

රාජිණි නාට්‍යයේ ප්‍රධාන චරිතය කරන නිසා එහි තියෙන කාර්යබහුලකම එක්ක මම වෙන නාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. මොකද රාජිණි කියන්නේ මගේ ජීවිතේම කොටසක්. අභි ඇතුලේ ඉන්නේ අංජුමාලා කෙනෙක් ඉන්නවා. කොහොමත් මම කාලයකට එක නිර්මාණයක් විතරයි භාර ගන්නේ. මම ආස නැහැ ගොඩක් කාර්යබහුල වෙලා වැඩ කරන්න. ඒ නිසා මම කැමති කාලයකට එක චරිතයකින් පමණක් ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ කාවදිනවට. ඒ නිසා මම ආසයි මේ කාලයේ අභි එක්ක උපරිම ආදරේ විඳින්න. ඒ නිසා තව නිර්මාණවල‍ට ඇරයුම් ලැබුණත් භාර ගත්තේ නැහැ.

කොහොමද අලුත් වුණු පෞද්ගලික ජීවිතේ..

හොඳයි හරිම සුන්දරව අපි ඉන්නවා. මේ දවස්වල නම් මගේ සැමියා විදෙස්ගතව ඉන්නේ. එයා මගේ වැඩවලට උපරිම සහයෝගය දෙනවා. ඒ දේවල් එක්ක අපි අපේ පෞද්ගලික ජිවිතේ සැලසුම් කරගෙන යනවා.

තාමත් අදහස තියෙනවද විදෙස්ගත වෙන්න..

අනිවාර්යෙන්ම. ඒකට නම් ඉක්මණින්ම පාර කැපෙන්න ළඟයි. 



විදෙස්ගත වුණාම කලාවෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙයිද?

මම සිනමා හා රූපවාහිනී අධ්‍යයන උපාධිය සම්පූර්ණ කරපු කෙනෙක්. ඒ නිසා මම මේ විෂය ඉගෙන ගෙන තියෙන නිසා මම කොහේ හිටියත් මේ කලාවට යමක් කරන්න මට හැකියාව තියෙනවා. ඒ එක්කම මම පුංචි කාලේ ඉඳන් හදාරපු නර්තනය පැත්තෙන් වුණත් මම දේවල් ඉදිරියේදී කරයි. ඒ එක්කම මගේම යූටියුබ් නාළිකාවක් පටන් ගන්නත් අදහසක් තියෙනවා. ඒ විස්තර ඉදිරියේදී මම කියන්නම්.

අංජුමාලා ඉන්න සහෝත් තිරගත වෙන කාලයක් නිසා ආදරණිය ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක්ද කියන්නේ...



අංජුමාලාට ප්‍රේක්ෂක ආදරේ ලැබෙන්නේ අවුරුදු 11 දී පුංචි නර්තන ශිල්පිනියක් විදියට. ඒ ආදරේ මගේ තරුණ විය වෙනකම්ම නොඅඩුව ලැබුණා. මම ඒක දකින්නේ වාසනාවක් විදියට. මගේ ප්‍රේක්ෂකයන් නිසා තමයි මම අද මේ තැන ඉන්නේ. ඒකට මම හැමදාම ගෞරව කරනවා. ඉතින් මම ආරාධනා කරනවා මට ආදරේ කරන සියලුම ආදරණිය ප්‍රේක්ෂකයන්ට සහෝ චිත්‍රපටය නරඹන්න එන්න. ඔබේ ඕනෙම ප්‍රතිචාරයක් හරිම ආදරෙන් භාර ගන්න මම කැමත්තෙන් ඉන්නවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මටත් සියල්ල හැර දා රට යන්න වුනා - හර්ෂි Rating: 5 Reviewed By: webgossip24.com