728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, April 27, 2023

නිකවැරටියේ කාන්තාවන් හත් දෙනෙක් 22 හැවිරිදි හිමිනමට අතවර කිරීමෙන් රෝහල් ගත වෙයි - Video


 නිකවැරටිය කොටවෙහෙර පොලිස් වසමට අයත් ඉහළ වීරදඩාන මෙත්සඳ විහාරස්ථානයේ වැඩ වාසය කළ 22 හැවිරිදි හිමිනමක් කාන්තාවන් 7දෙනෙකු විසින් බරපතල ලෙස ලිංගික අපහරණයට ලක් කර තිබේ.

එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගෙට්ටුවත්තේ සුමිත්ත හිමි පැවසුවේ අපහරණයට ලක්වූ හිමිනම මේ වන විට පුත්තලම මහ රෝහලේ වාට්ටු අංක 7හි ප්‍රතිකාර ලබමින් සිටින බවයි.


පසුගිය 25 වැනිදා උදෑසන 10.30ට පමණ මෙම සිදුවීම වූ බව පූජ්‍ය මීගෙට්ටුවත්තේ සුමිත්ත හිමි පැවසීය.


හිමිනම අපහරණයට ලක් කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ කාන්තාවන් විහාරස්ථානයේ දොර සහ ගේට්ටු වසා දමා එහි යතුරු රැගෙන ගොස් ඇත.


මෙම සිදුවීමට සම්බන්ධ කාන්තාවන් 7දෙනා නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාතිවරයාට සම්බන්ධ අය බව ද පූජ්‍ය මීගෙට්ටුවත්තේ සුමිත්ත හිමි අනාවරණය කළේය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නිකවැරටියේ කාන්තාවන් හත් දෙනෙක් 22 හැවිරිදි හිමිනමට අතවර කිරීමෙන් රෝහල් ගත වෙයි - Video Rating: 5 Reviewed By: webgossip24.com