728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, April 22, 2023

රූ රැජින තරගයෙන් ජයගත් සංක්‍රාන්ති ලිංගික තරුණිය…




 ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සිටින සංක්‍රාන්ති ලිංගික තරුණියන් වෙනුවෙන් පැවැත්වෙන මිස් ට්‍රාන්ස් ක්වීන් ඉන්ඩියා රූ රැජින තරඟයේ දී අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිමාල කඳුවැටියට ආසන්නයේ පිහිටි පැරණිතම ගම්මානයක් වන පාසිගට් හි සංක්‍රාන්ති ලිංගික තරුණියක් එහි අනුශූරතාවය දිනා ගනු ලැබුවා.

වික්ටෝරියා ටේන් නැමැති 19 හැවිරිදි මේ සංක්‍රාන්තික ලිංගික තරුණිය පසුගියදා හර්යානා ප්‍රාන්තයේ ගුර්ගෝන් නගරයේ පැවති මේ තරඟයේදී ඇය ලැබූ ජයග්‍රහණය පාසිගට් හි සංක්‍රාන්ති ලිංගික තරුණියක් විසින් රූ රැජින තරඟයක් ජයගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වනවා.

කුඩාවියේ සිටම විවිධ හිරිහැරවලට ලක්වීම් සහ සමාජයේ වෙනස්කොට සැලකීම්වලට මුහුණ දී ඇති වික්ටෝරියා මෙවර තරඟයට ඉදිරිපත් වී ඇත්තේ, ජයග්‍රහණය කිරීමට නොව සිය ප්‍රජාවේ සිටින ලිංගික තරුණියන්ට සමාජයේ පිළිගැනීමක් ඇති කිරීමටයි.

මේ තරඟයේ ජයග්‍රහණය ඇයට ජාත්‍යන්තර ට්‍රාන්ස් බියුටි පැජන්ට් තරගය නියෝජනය කිරීමට අවස්ථාව ලබා දී ඇති බව ඇය තරඟයෙන් අනතුරුව කියා සිටියා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රූ රැජින තරගයෙන් ජයගත් සංක්‍රාන්ති ලිංගික තරුණිය… Rating: 5 Reviewed By: webgossip24.com