728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, April 9, 2023

බැන්දට පස්සේ සැමියා ඔක්කොම නීති දැම්මා - එංගලන්තෙ සුදු නංගි කියන අමුතු කතාව


 අද වෙද්දි ඇය රංගනයෙන් දායකත්වය දක්වලා ඒ වගේම කලාවත් එක්ක එකතුවෙලා වසර ගනනාවක් ගතවුනත් ගොඩක් දෙනෙක් අදටත් ඇයට කතා කරන්නේ සුදු නංගි කියලා.ඒ ඇය විසින් ටෙලි නාට්‍යයකින් රඟ දැක්වූ ඒ ආදරණීය චරිතය නිසයි.හැබැයි  ටෙලි නාට්‍යය කීපයකින් අපි ඇයව දැක බලා ගත්තත් ඊට පස්සේ අපිට රංගන ශිල්පිනී අයෝමි ශානිකා වක් ආයෙ දකින හම්බ හම්බවුණේ නැහැ. 

පුංචි තිරයෙන් වත් ඉඳල හිටලවත් නොදකින ඇයට මොකද උනේ කියලා ගොඩක් දෙනෙක් හොයන්න පටන් ගත්තා.කලාව නොකරන කාලසීමාවේදී ආයුර්වේද වෛද්‍යවරියක් විදියටත් ඇය ලංකාවේ රැකියාවක් කරලා තියෙනවා.හැබැයි ඇය පසුකාලීනව එංගලන්තයට යනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් එක්ක.ඇයගේ අලුත්ම ජීවිතේ තොරතුරු ගැන කාලෙකට පස්සේ සුදු නංගි කියලා තිබ්බ මේ වගේ කතාවක්.

“මමත් මගේ පවුලේ අයත් දැන් ජීවත් වෙන්නේ එංගලන්තේ.මේ ගමන කැමැත්තකින් ආව ගමනක් නෙවෙයි.දරුවන්ගේ යහපත ගැන හිතලා ආපු ගමනක්.මම ලංකාවට හරි ආදරෙයි ඒ මගේ රට.නමුත් හිතාමතාම ගිනි ගොඩට පනින්න බෑ.රටට ආදරයක් තිබ්බ නිසා තමයි මෙච්චර කාලයක් ඉවසගෙන හිටියේ.නමුත් බැරිම තැන මම මේ තීරණය ගත්තා.මෙහෙ දැනට ජීවත්වනවා කවදා ලංකාවට යයිද දන්නෑ.නමුත් අන්තිම කාලය හරි ලංකාවේ ජීවත් වෙනවා.

ඇය ඔන්න ඔය විදියට තමයි අදහස් දක්වලා තිබුණේ ඒ වගේම තමයි මේ වෙද්දි ඇය රඟපාපු ටෙලි නාට්‍ය ගණන ටෙලිනාට විස්සක් විතර වෙනවා.ජනප්‍රියම කාල වැඩ අධිකම කාලේ තමයි ඇය රංගනයට සමු ගන්නේ  ඉතින් ඒ කතාව ගැන අයෝමි කිව්වේ මේ වගේ දෙයක්.

“රඟපාන බැරිවෙනකොට දුකක් දැනුනු අවස්ථා තියෙනවා අපරාදේ අවස්ථාව මගහැර ගත්තා නේද කියලා හිතිලා තියෙනවා.නමුත් විවාහ වුණේ අපරාධ කියලා මම එහෙම හිතන්නේ නෑ වෙන්න තියෙන දේවල් වෙනවා කියලයි මම හිතන්නේ.යාන වුණු කාලේ කිව්වා ඔයා දිගටම රඟපාන්න කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.ඒ උනාට විවාහ වෙච්ච ගමන් දැන් ඇති රඟපෑව කිව්වා මොනවා කරන්නද රංගනය සීමා කර ගත්තා”

ඉතින් ඒ විදිහට අදහස් දක්වන ඇය දිගටම ටික කාලයක් එංගලන්තයට වෙලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩ කටයුතු කරනවා කියලත් සඳහන් කළා.ඉතින් ඒ සියලුම දේවල් එයාකාරයෙන්ම සාර්ථක කරගන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බැන්දට පස්සේ සැමියා ඔක්කොම නීති දැම්මා - එංගලන්තෙ සුදු නංගි කියන අමුතු කතාව Rating: 5 Reviewed By: webgossip24.com