728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, September 7, 2023

ස්පා එකේදී මියගිය පුද්ගලයා1500 ක්දී මාව තෝරගත්තා පසුව එයා මාව සම්බාහනය කළා- තෙරපිවරිය සිදුවුණු සියල්ල පාපොච්චාරණයක


 මීගමුව සම්බාහන මධ්‍යස්ථානයක සේවා ලබමින් සිටියදී මිය ගියේ යැයි කියන 44 හැවිරිදි  පුද්ගලයෙකුගේ මරණ පරික්ෂණය ඊයේ (5) පවත්වා තිබූ අවස්ථාවේ සාක්ෂි දුන් ස්පා සේවය සැපයූ කාන්තාව තරමක අමුතු විස්තරයක් කර තිබේ.

මරණය සිදුවන අවස්ථාවේ SPA ආයතනය තුළ තෙරපිවරිය වශයෙන් කටයුතු කළ පන්නිපිටිය පදිංචි මධු නමැති කාන්තාව සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය.

“ඇල පාර මීගමුව යන ස්ථානයේ ස්පා ආයතනයේ මම කෙරපිවරියක් වශයෙන් සේවය කරනවා. මෙතනට රැකියාවට පැමිණ මාසයක් පමණ වෙනවා. තෙරපිවරියක් වශයෙන් පුහුණු වීමක් නං මට නැහැ.

මේ කියන පුද්ගලයා පෙරේදා (4) රාත්‍රී 11.00ට පමණ තනියම පැමිණියා. ඔහු රුපියල් එක්දහස් පන්සියයක් දී මාව තෝරා ගත්තා මම ඔහුට තුවායක් දී ඇග පත සෝදාගන්න කිව්වා. පසුව මම විනාඩි තුනකට හතරකට පසුව නැවත ආවා, ඔහු ඒ වේලාවේ කලිසම පිටින් ඇඳේ වාඩි වී සිටියා මම පසුව ඔහුගෙන් ඇසුවා මොනවද කරන්න ඔනේ කියලා ඔහු කිව්වා මසාජ් කරන්න කියලා මම මසාජ් කළා,

පසුව මගේ නම ඇසුවා මගේ නම මධු කියා පවසා සිටියා. පසුව ඔහු මාව මසාජ් කරන්නද කියලා ඇසුවා, මං කැමති වුණා. පසුව ඔහු මාව මසාජ් කළා...

 පසුව ඔහු සිටගෙන සිටින විට එක්වරම කාමර බෙදලා තියෙන කාඩ්බෝඩ් කොටස කඩාගෙන උඩබැලි අතට වැටුණා, පසුව මම කෑ ගැසුවා, අපි 1990 ට කතා කළා. පසුව අපේ සර් මාලන් අසන්ත පැමිණ ඔහුව මීගමුව රෝහලට රැගෙන ගියා.

පාන්දර 1.00ට පමණ රෝහලේදී ඔහු මිය ගොස් ඇති බව දැනගන්නට ලැබුණා“

ස්පා ආයතනයේ අයිතිකරු බව කියන ජනපද මාවත දළු කොටුව පදිංචි මාලන් අසන්ත යන අය සාක්ෂි දෙමින් මෙම ආයතනය පටන් ගෙන වසර දෙකක් පමණ වන බව පැවසීය. මරණය සිදුවූ ආකාරය ගැන ඔහු දන්නේ නැතැයි කීය.

හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් මිගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මඟින් මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකර වාර්තා කරන ලෙස මීගමුව පොලිසියට නියම කළේය. මිගමුව පොලිසියේ සැරයන් (25274)රෝහණ මහතා සාක්ෂි මෙහෙයවීය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ස්පා එකේදී මියගිය පුද්ගලයා1500 ක්දී මාව තෝරගත්තා පසුව එයා මාව සම්බාහනය කළා- තෙරපිවරිය සිදුවුණු සියල්ල පාපොච්චාරණයක Rating: 5 Reviewed By: webgossip24.com