728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, April 3, 2023

සැප ගන්නවා නේද කියලා කතා කරලා ඉතාලියෙන් නිමාඩුවට ආ ලංකිකකයාට ගේ දොරකඩ වෙඩි තැබූ හැටි


කොස්වාඩිය ප්‍රදේශයේ පදිංචි අයකුටඉතාලි බලා යෑමට නියමිතව  සිටි දිනට පෙර දින රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝලයකින්  වෙඩි දෙකක්  තබා ඇතත් ඒ අවස්ථා දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා  ඔහුගේ ජීවිතය අනූ නවයෙන් බේරී ඇතැයි මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි .

ඔහු වසර 19ක කාලයක් තිස්සේ ඉතාලියේ රැකියාවක නිරතව සිටින අයෙක්  යයිද  පොලිසිය සඳහන් කරයි .

තුන්වෙනි අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක කළ අවස්ථාවේ  නිකුත් වූ වෙඩි උණ්ඩය අසල්වැසි නිවසක සිටි කාන්තාවකගේ හිස ළඟින්ම  ගොස් බිත්තියේ  වැද  ඇතැයි මාරවිල පොලීසියේ   නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ ( 2 )  රාත්‍රි 7ට  පමණ නිවස ඉදිරිපිටට පැමිණ ඉතාලි යෑමට සිටි පුද්ගලයාගේ නම කියා කථා කර හොඳට සැප ගන්නවා නේද කියා විමසා ඇතැයි පොලිසිය කියයි .

මිතුරන් දෙදෙනෙකු පැමිණ ඇතැයි කියා සිතූ ඔහු මචං උඹලා කවුද මට එකපාරටම හඳුනාගන්න බැහැ යැයි කියා විමසමින්  යතුරුපැදිය ආසන්නයට පැමිණ ඇත .

යතුරු  පැදිය පිටුපස අසුනේ වාඩිවී සිටි පුද්ගලයා  එකවරම පිස්තෝල අවියකට සමාන ගිනි අවියක්  ඔහු ගේ පපු ප්‍රදේශය ආසන්නයට ම එල්ල කර කොකා ගස්සා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බව මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි

මෙයින් බියට පත් වූ ඔහු පලා යනවාත්  සමඟම  නාදුනනතුවක්කුකරු යළිත් ගිනි අවියේ කොකා ගස්ස ඇතත් ඒ අවස්ථාවේ ද  ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බව එම පොලිස් නිලධාරියා කීය

තුන්වැනි වරට ගිනි අවියේ කොකා ගැස්සූ අවස්ථාවේ අවිය ක්‍රියාත්මක වී නිකුත් වූ  උන්ඩ ය අසල්වැසි නිවසක සිටි කාන්තාවගේ හිස  අසලින්ම ගොස් බිත්තියේ වැද  ඇති බව පොලිසිය කියයි 

අසල තිබූ පොල්වත්තකට පැන සැඟවී සිටි මොහු සැහෙන වෙලාවක්  එහි ගත කර පසුව මේ ගැනපොලීසියට දැනුම් දී ඇත.

වෙඩි තැබීම සිදුවෙන  අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද නිවස තුළ සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වාසනාවකට ජීවිතය අනූ නවයෙන් බේරාගත්මොහු  අද( 3 ) අලුයම ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත 

 ඉතාලිය බලා යෑමට ප්‍රථම සිද්ධියට අදාළව මොහු  පොලීසියට ප්‍රකාශයක් ද ලබාදී තිබේ.

දන්නා තරමින් තමාට තරහකරුවන්   නොමැති බවද එවැන්නක් කළේ කුමන අරමුණකින් ද යන්න නොදන්නා බවත් ඔහු පොලිසියට පවසා ඇතැයි  පැවසේ.

වසර 19 ක පමණ කාලයක් සිට ඉතාලියේ රැකියාවක නිරතව සිටින මොහුවරින් වර බිරිඳ සහ දරුවන් බලා නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණ යන අයෙකි 

සුපුරුදු පරිදි මොහු මීට මාසයකට පමණ ඉහතදී මෙරටට පැමිණ යළි ඉතාලියේ බලා යෑමට සූදානම්ව සිටියදී ඊට පෙර දිනයේ මෙම සිද්ධියට මුහුණ පා ඇත . 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සැප ගන්නවා නේද කියලා කතා කරලා ඉතාලියෙන් නිමාඩුවට ආ ලංකිකකයාට ගේ දොරකඩ වෙඩි තැබූ හැටි Rating: 5 Reviewed By: webgossip24.com