728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 5, 2023

ජනප්‍රිය ටෙලිනාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක පැහැරගෙන ගිහින් පහරදීලා - සුදු වෑන් එකෙන් ආපු හතරක් මාට්ටු


චිත්‍රපටි ,ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයකු හා තිර රචනාශිල්පියකු ලෙස කටයුතු කරන 51ක් හැවිරිදි ගාමිණී ප්‍රියන්ත සමරකෝන් වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදු කළ සිදු කළ බව කියන පුද්ගලයන් 4 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි.

පහරකෑමට ලක්ව  තුවාල ලැබූ මෙම ශිල්පියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇත.

මොහු පැහැර ගැනීමට යොදා ගත් බවට සැලකෙන වෑන් රථයද පොලිස් බාරයට බාරයට ගෙන තිබේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වැලිමඩ සහ ඌවපරණගම යන ප්‍රදේශවල පදිංචි වාහන අත්පත් කර ගැනීමේ නිරත ව සිටින පුද්ගලයින් තිදෙනකු හා හෝටල් සේවකයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 ,42, 21 සහ 30හැවිරිදි වියේ පසුවන අය වෙති.

මෙම ශිල්පියා වැලිමඩ නුවරඑළිය මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු  ඔහබලහත්කාරයෙන් වෑන් රථයට දමාගෙන පැහැරගෙන  හපුතලේ මාර්ගයේ දී අතින් පයින් පහරදී තුවාල සිදුකර මාර්ගයේ අතහැර දමා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ජනප්‍රිය ටෙලිනාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක පැහැරගෙන ගිහින් පහරදීලා - සුදු වෑන් එකෙන් ආපු හතරක් මාට්ටු Rating: 5 Reviewed By: webgossip24.com