728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 18, 2023

මං අද කරන වැඩ ඔක්කොම අවුල්..මට මිනිහා මොනව කරයිද දන් නැහැ - සිංගප්පූරු මහල් නිවාසයකින් පැන මියගිය නදීකා - වීඩියෝ


 සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලංකික කාන්තාවක මහල් නිවසකින් පැන ජිවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තාවේ. නදීකා දිල්හානි ප්‍රනාන්දු නමැති විවාහක කාන්තාවක මෙලෙස මියගොස් තිබේ. 41 හැවිරිදි ඇය දංකොටුව මොටෑමුල්ල ප්‍රදේශයේ සිට සිංගප්පූරු ගෘහ සේවයට ගොස් තිබුණි.ඇය සේවය කළ නිවාස ඒකකයේ හිමිකරුගෙන් කරදර පැවති බවට මේවනවිට තොරතුරු හෙළිවෙමින් පවතින අතර ඒ ගැන ඇය අවශ්‍ය අංශ වලට දන්වා තිබුණත් ඊට ප්‍රතිචාර ලැබී නැති බවට කරුණු හෙලිවෙමින් පවතී.

නදීකා ‘සිය දිවිනසාගැනීමක්‘ ලෙස ඉහළ මාලයක සිට ගොඩනැගිල්ලෙන් පනින ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මාධ්‍ය වෙත ලැබී තිබුණි. ඇය පනින්නට සූදානම්වී ඉහළ මහල් නිවාස ඒකකයේ එළියේ ජනේලයෙන් තරමක් පහත පිහිටි කුඩා වහලක් වැනි ස්ලැබ් එකක වාඩිවී සිටින අයුරුත් එම අවස්ථාවේ ඇයට පනින්න එපා යයි කියමින් මෙන් කිසියම් කාන්තාවක ජනේලයේ සිට උපදෙස් දෙමින් සිටින අයුරුත් එම වීඩියෝවේ දැක්වෙන අතර ටික වේලාවකට පසු ඇය කිසියම් දෙයක් හඩමින් කියමින් බිමට පනින අයුරුද දක්නට ලැබේ. බිමට පතිතවන ඇය මියයයි.

ඇය පනින්නට සූදානම්වී සිටි විනාඩි කිහිපය තුළ අවට කිහිපදෙනෙකු හා එකී වීඩියෝව පටිගත කළ කාන්තාවක සිටින නමුත් ඔවුන්ට ඇයව බේරාගන්නට බැරි තැනක ඇය සිටියාය.ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මිට පෙර ප්‍රකාශ කර ඇති බව වාර්තාවී තිබෙන අතර ඇය මියගිය දිනයේ සිය දුක්ගැනවිල්ල කියමින් මිතුරියකට යැවූ වට්ස් ඇප් ඕඩියෝ පණිවිඩයක සඳහන් වන්නේ මෙසේය.

‘ කුමා .. මගෙන් සද්දයක් නැතිවුනොත් ඒජන්සියට කෝල් එකක් දීලා ඔයා බලන්න පොඩ්ඩක්..ඈ.. මං අද කරන වැඩ ඔක්කොම අවුල්..මට මිනිහා මොනව කරයිද දන් නැහැ.. චුට්ටක් ඔයා කතා කරල බලන්න.. කියන්න.. මගෙන් සද්දයක් නැතිව ගියොත් එහෙම..මාව පොලිසියට ගෙනියයිද දන් නැහැ.. මං ඔක්කොම අවුලෙන් වැඩ කරන්නෙ..අද...“

නදීකාගේ ප්‍රශ්න ගැන ඒජන්සිය දැනුවත් කළ නමුත් එතැනින් කිසිවක් සිදු නොවූ බව නදීකාගේ මිතුරියක දන්වා තිබේ. ඇය නිවසේ වැඩට ගොස් තවම මාසයක් පමණක් බවත් නැවත එරට හැරදා ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඒජන්සියට දැන්වූ පසු එය කළනොහැකි බව දන්වා තිබූ බවත් පවසා තිබේ.

නදීකාගේ පවුලේ අය මෙම මරණය සියදිවි නසා ගැනුමක් ලෙස පිළිගන්නේ නැති බව දන්වා ඇත.ශ්‍රීලංකා විදේශ කටයුතු අමාත්‍යංශය දන්වා ඇත්තේ මෙම සිදුවීම ගැන සිංගප්පූරුවේ පරීක්ෂණයක් ඇරඹී ඇති බවයි.ලියාපදිංචි ගෘහ සේවිකාවක වූ ඇයගේ මරණය ගැන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සොයා බලන බවද දන්වා තිබේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මං අද කරන වැඩ ඔක්කොම අවුල්..මට මිනිහා මොනව කරයිද දන් නැහැ - සිංගප්පූරු මහල් නිවාසයකින් පැන මියගිය නදීකා - වීඩියෝ Rating: 5 Reviewed By: webgossip24.com