728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 7, 2023

ටික් ටොක් ආදරේට දවස් දෙකයි - ජෝඩු දෙකක් එකට ඇවිත් හෝටලේ ඉඳන් බීලා - මියගිය සිසුවිය එක්ක ආපු තරුණයා දෙපාරක්ම කසාද බැඳපු කෙනෙක්


 කළුතර ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොළක තුන්වන මහළින් ඇද වැටී මියගිය බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් සිය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇත්තේ මෙම පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ අදාළ තාවකාලික නවාතැන් පොළට ඊයේ (06) පස්වරුවේ පැමිණ ඇති බවයි.

එහිදී ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කරමින් නවාතැන් පොළෙන් කාමර දෙකක් වෙන්කරගෙන ඇති අතර,එම අවස්ථාවේ දී තාවකාලික නවාතැන් පොළට ඇතුල්වීම සඳහා පාසල් සිසුවිය විසින් වෙනත් අයෙකුගේ හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස තාවකාලික නවාතැන් පොළට ඇතුල් පාසල් සිසුවිය සහ අනෙක් තිදෙනා එක් කාමරයක සිට මත්පැන් පානය කරන ආකාරය එහි සේවකයෙකු දැක තිබෙනවා.

අනතුරුව එම සිව්දෙනා අතර සිටි තරුණියක් සහ තරුණයෙක් නවාතැන් පොළෙන් පිටව ගොස් ඇති අතර, ඉන් ටික වේලාවකට පසු අනෙක් තරුණයා ද එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ ස්ථානයට ආහාර ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු පාසල් සිසුවියගේ නිරුවත් මළ සිරුර නවාතැන් පොළට ආසන්නේ දුම්රිය මාර්ගයේ තිබෙනු දැක ඒ පිළිබඳව නවාතැන් පොළ සේවකයින්ට දැනුම් දී ඇති අබව සඳහන්.

පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී ඇති අතර, පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීම් සිදුකර තිබෙනවා.

අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අයෙකු වන අතර ඔහු දෙවැනි වරට විවාහ කරගත් කාන්තාවගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සිද්ධියට අදාළව සැක පිට මෙම සිසුවිය සහ තරුණයා සමඟ නවාතැන් පොළට පැමිණි අනෙක් තරුණ යුවළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලබලයෙන් නවාතැන් පොළෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් ලබා දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් අනතුරුවයි.

එහිදී එම තරුණයා තමා සමඟ සිටි සිසුවිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු මෝටර් රථයකින් පළාගොස් ඇති බව වාර්තා වන්නේ.

මියගිය සිදුවියගේ හිස, ගෙල, පපුව සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 16 හැවිරිදි සිසුවියක්.

මේවනවිට අත්අඩංගුවේ පසුවන මියගිය සිසුවියගේ  19 හැවිරිදි අසල්වාසී සොයුරිය හා ඇයගේ පෙම්වතා බව කියන 21 හැවිරිදි තරුණයා ලබාදී ඇති විස්තර අනුව

16 හැවිරිදි බාල වයස්කාර පෙම්වතිය නිරුවත් කර තුන්වන මහලෙන් පහළට තල්ලු කර මරා දැමූබවට සැක කෙරෙන තරුණයා ඇය හඳුනාගෙන ඇත්තේ ‘ටික් ටොක්‘ සමාජ මාධ්‍ය ජාලය ඇසුරින් බවට තොරතුරු අනාවරණයවී ඇත.
අත්අඩංගුවේ පසුවන ඔවුන් කියා ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක ගෙවීමට අපහසු වාහන අත්පත් කරගන්නා (සීසර්) පුද්ගලයකු වන මෙම සැකකරු වාහනයක් හයර් කරගෙන මෙම ‘වෙසක් විනෝද ගමන‘ සැලසුම් කරන ලද බවයි.

ටික්ටොක් සමාජ මාධ්‍යට වීඩියෝ එක් කරන සිසුවිය මෙම පුද්ගලයා එම සමාජ මාධ්‍ය ඔස්සේම දින දෙකකට පෙර දැන හදුනාගෙන ඇති බවත් ඒ අනුව ඇයට හෝටලයකට යාමට එන්නැයි ඇරයුම් කර තිබෙන බවත් පොලිසිය පවසයි.

පොලිසිය සොයාගත් තොරතුරු අනුව තරුණිය මරණයට පත්වී මළ සිරුර රේල්පාරේ පැත්තකට තල්ලුකර දැමූ පසු මෙකී තරුණයා පළාගිය අතර ඔහු පළාගොස් ඇත්තේ හෝටලය ආසන්නයේ නවතා තිබූ පිරිස පැමිණි සුදු පැහැති හයර් කරන ලද වාහනයේ නැගී ගෙනයි.

සීසීටීවී ඔස්සේ වාහන අංකය හඹාගිය පොලිසිය මේවනවිට එකී වාහනය පදවාගෙනගිය රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ලබාගත් විස්තර අනුව සැකකරු පළාගිය දිශාවන් පිළිබඳ විමර්ශන සිදුවෙමින් පවතී.

අත්අඩංගුවේ පසුවන යුවළ පවසා ඇත්තේ හෝටලයේ අංක 6 හා 7 යන වායුසමීකරණ කාමර තමන් කුලියට ලබාගත් බවත් 16 වයස සහිත අයිඩෙන්ටිය දුන්නොත් හෝටලයේ ප්‍රශ්නයක් මතුවිය හැකි නිසා අසල්වාසී නිවසක වයස 20 අක්කා කෙනෙකුගේ අයිඩෙන්ටිය රැගෙන ආවේ තරුණිය විසින්ම බවත්ය.

මොවුන් සිවු දෙනාම එක් කාමරයක සිට ජොනිවෝකර් රෙඩ් ලේබල් වර්ගයේ විස්කි බෝතලයක්ද මෙහි සිට පානය කර ඇති බව හෝටල් සේවකයකු පොලිසිය හමුවේ සඳහන් කර ඇත. 

අත්අඩංගුවේ පසුවන අය කියා ඇත්තේ වෙසක් පොහොයට මත්පැන් අලෙවි නොකරන නිසා පෝයට පෙර දිනයේම මෙම ගමනට සැලසුම සකස් කර  බෝතල් මිලට ගත් බවය.

මේ අතර හෝටලයේ ලියාපදිංචි දත්ත ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසියට ඝාතන සැකකාර තරුණයාගේ ලිපිනයක් සොයාගන්නට හැකිවූ අතර එම ලිපිනය පිහිටි නිවසට ගොස් විපරම් කිරීමේදී ඔහු එම නිවසට අවසන් වරට පැමිණ ඇත්තේ මීට දින දෙකකට පෙර බව එහි වාසය කරන තරුණයාගේ දෙවන බිරිය බව කියන කාන්තාවක පවසා තිබේ.

විවාහක බිරිඳ  පවසා ඇත්තේ තම සැමියා මෙවන් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව නොදන්නා බවය. ඔහු පෙරේදා දහවල් නිවසට පැමිණ රුපියල් දෙදහසක මුදලක්ද ඉල්ලාගෙන තමන්ට පරිස්සමෙන් ඉන්න යැයි කියමින් පිටව ගිය බවද ඇය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ටික් ටොක් ආදරේට දවස් දෙකයි - ජෝඩු දෙකක් එකට ඇවිත් හෝටලේ ඉඳන් බීලා - මියගිය සිසුවිය එක්ක ආපු තරුණයා දෙපාරක්ම කසාද බැඳපු කෙනෙක් Rating: 5 Reviewed By: webgossip24.com