728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 18, 2023

ඇගලුම් කම්හලේ සේවිකාවගේ නිරුවත් රූ රැගෙන එහි සේවයේ නියුතු තරුණයෝ දෙදෙනක් සහ විවාහක පුද්ගලයෙක් බියගන්වා කෙලසලා


 මාවතගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන, ඒවා සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයට එක් කරන බවට තර්ජනය කර ඇය හෝටල්වලට සහ බෝඩිං කාමරයකට රැගෙන ගොස් දූෂණය කළේ යැයි කියන එම කම්හලේම සේවය කරන තරුණයෝ දෙදෙනක් සහ විවාහක පුද්ගලයෙක් මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගනු ලැබූහ. ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රෝහල් ගත කර ඇත.

අත්අඩංගුවට ගත් විවාහක පුද්ගලයා මෙම තරුණිය හෝටලයකට මුලින්ම රැගෙන ගොස් ඇයට ලිංගික අපයෝජනයක් කර ඇති බව පොලීසිය පවසයි. මේ බව දැනගත් ඇඟලුම් කම්හල් සේවකයකු තරුණියට කතාකර මේ ගැන විවාහක පුද්ගලයාගේ බිරිඳට පවසන බව කියා බියට පත්කර, ඇය හෝටලයකට රැගෙන ගොස් දූෂණය කර, ඇයගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. නිරුවත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප අන්තර්ජාලයට එක් කරන බව බව පවසා තරුණිය බියට පත්කර ඇය අවස්ථා තුනකදී හෝටල්වලට රැගෙන ගොස් ඇය දූෂණය කර ඇති බවද, පොලිස් පරීක්‍ෂණවලින් හෙළිවී ඇතැයි කියති.

මෙම කරදරයෙන් මිදීම සඳහා තරුණිය පසුගිය අප්‍රේල් මාසයේ දිනක ඇඟලුම් කම්හලේ සේවයෙන් ඉවත්වීම සඳහා ලිපියක් බාරදීමට එම ඇගලුම් කම්හලට පැමිණ ඇත. 

එම ඇඟලුම් කම්හලේම සේවය කරන තවත් තරුණයකු ඇය හමුවීමට පැමිණ ඇයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ළඟ තිබෙන බව පවසා ඇය බියට පත්කර ඔහු ලැගුම්ගෙන සිටින මාවතගම ප්‍රදේශයේම බෝඩිමකට ගොස් දූෂණය කර ඇතැයි පොලීසිය කියයි. එම ඇඟලුම් කම්හල් සේවකයා ළඟදී විවාහ වීමේ අපේක්‍ෂාවෙන් සිටින තරුණියද සමඟ, එම බෝඩිමේ නවාතැන් ගෙන සිටින බව කියති. 

විවාහවීමට අපේක්‍ෂාවෙන් සිටින එම තරුණිය ද ඇඟලුම් කම්හලේ සේවිකාවකි. ඇය ඇඟලුම් කම්හලේ සේවයට ගිය අතරවාරයේ සැකකරු මෙම තරුණිය එම බෝඩිමට කැඳවාගෙන පැමිණ දූෂණය කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. සේවයෙන් ඉවත්ව ගිය ඇඟලුම් කම්හලේ තරුණිය ඇයගේ ජංගම දුරකථනයේ සිම්කාඩ්පත මවට දී මවගේ සිම් කාඩ්පත ඇය ගෙන පරිහරණය කර ඇත.

ඇඟලුම් කම්හලේ සේවය කළ විසි හැවිරිදි තරුණිය දූෂණය කළේ යැයි කියන තරුණයකු ඇයගේ ජංගම දුරකථනයට කතාකර හෝටලයකට යෑමට නැවත කතාකර ඇතැයි පොලිසිය කියයි. 

හෝටලයට යෑමට නොපැමිණිය හොත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට හා මුහුණු පොතට එක් කරන බවට ඔහු පවසා ඇතැයි කියති. තරුණියගේ ජංගම දුරකථනයේ සිම්කාඩ්පත මවගේ ජංගම දුරකථනයට දමාගෙන සිටි නිසා ඇමතුම ලැබී ඇත්තේ මවගේ ජංගම දුරකථනයට බව වාර්තා වේ.

මෙම ඇමතුමෙන් තුෂ්ණිම්භූත වූ බව කියන මවද දියණියට එම ඇමතුම ලැබී ඇතැයි සැක පහළ කර දියණිය ලෙස රඟපා ඇමතුම ලබාදුන් පුද්ගලයා සමග කතාකර ඇතැයි පොලිසිය කියයි. එවනවා යැයි කියූ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ද ඇය ගෙන්වාගෙන ඇතැයිද පොලීසිය කීය. 

මෙම නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන දුටු මව ඒවා සිය දියණියගේ බව පැහැදිලිවම පෙනී ගිය නිසා මහත් සේ කලබලයට පත්වී ඒ ගැන හඬමින් දියණියගෙන් තොරතුරු විමසූ අවස්ථාවේ ඇය සියල්ල හෙළිකර ඇත. 

මව පසුව සිය දියණියද කැටුව මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ මේ ගැන පැමිණිලි කර තිබේ. ඇඟලුම් කම්හල් තරුණියගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගෙන පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මාවතගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශාන්ති පුෂ්පලතා මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

තමා ළඟදී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි පෙම්වතා ස්ත්‍රී දූෂණයකට සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව දැනගත් ඇඟලුම් කම්හලේ අනෙක් සේවිකා පෙම්වතිය මාවතගම පොලිසියට පැමිණ ඇත. තමාගේ ජීවිතය ද විනාශ වූ බව පවසමින් ඇය හඬා වැලපී ඇතැයි දැන ගැනීමට තිබේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඇගලුම් කම්හලේ සේවිකාවගේ නිරුවත් රූ රැගෙන එහි සේවයේ නියුතු තරුණයෝ දෙදෙනක් සහ විවාහක පුද්ගලයෙක් බියගන්වා කෙලසලා Rating: 5 Reviewed By: webgossip24.com