728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 20, 2023

කළුතර නැවතත් වේදිකාවට - බිලා පිස්සු නටපු පොඩි කෙල්ලෝ දෙකක් සමග හයක් මාට්ටු


 මත්පැන් කර අශෝබන අන්දමින් හැසිරුන බාලවස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු ඇතුළු හය දෙනකු පානදුර ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් අසල දී  අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

අත්අඩංගුවට පත්වූවන් අතර බාල වයස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු, පිරිමි ළමයකු, තරුණියක සහ තරුණයන් දෙදෙනකු වන බව පොලිසිය කීය.

සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කළ තරුණ දරුවන් පිරිසක් අශෝභන ලෙස ගැවසෙන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද දුරකතන ඇමතුමක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ පානදුර අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරීන් ස්ථානයට ළගාවීමේදී මෝටර් රථයක නැගී පිටව යාමට සූදානම්වූ බව පොලිසිය කීය.

ඔවුන් සියලු දෙනා මත්පැන් පානය කර සිටී බවට සැලවීම නිසා රියදුරු තරුණයා ඇතුළුව හයදෙනාම පොලිසියට රැගෙන ආ බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.

ගැහැනු ළමුන් තිදෙනා ශීලාචාර සම්පන්න බවක් නොමැති ඇදුම් ඇද සිටී බවත්, ඔවුන් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට මැලි කමක් දක්වන බවද සදහන් වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කළුතර නැවතත් වේදිකාවට - බිලා පිස්සු නටපු පොඩි කෙල්ලෝ දෙකක් සමග හයක් මාට්ටු Rating: 5 Reviewed By: webgossip24.com