728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 6, 2023

ශර්ට් එකට දාඩිය දැම්මම සෝදලා ආය ඒකම ඇද ගන්නවා..


 හිරු ස්ටාර් රියැලිටි වේදිකාව හරහා අපේ රටේ කොයි කාගේත් ආදරය දිනාගත්ත දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි අමිශ මිනොල් කියලා කියන්නේ. ඉතින් ඔහු පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහු ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කාරණා කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් කෙනෙක් තරුවක් වෙන්න කට්ටක් කෑවේ නැත්තනම් ඒ ජයග්‍රහණයේ රහක් නෑ කියලයි අමිශ නම් කියන්නේ. ඒ වගේම ඔහු මුලින්ම කළා ගමන පටන් ගත්තේ වසංගත කාලේ ටික්ටොක් එකේ ෆේස්බුක් එකේ කවර් සොන්ග්ස් දාලා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ කාලේ ඉදන් ඒ කාපු කට්ට අදටත් අමතක නැහැ කියලයි ඔහු කියන්නේ. ඒ නිසාම ඔහු හිරු වේදිකාවට යන්න කලින්ම සෝෂල් මීඩියා හරහා තරුවක් වෙලා හිටපු කෙනෙක් කිවුවොත් හරියටම හරි.

ඉතින් ඒ දවස් වල ඔහු ටික්ටොක් එකට කවර් කරද්දී උදේ 8 විතර ඉදන් එක ශර්ට් එක ඇඳගෙන, ඒ ෂර්ට් එකට දාඩිය දැම්මම ඒක හෝදලා වේලෙන්න ෆෑන් එකට දාලා, ආපහු ඒකම ඇඳගෙන එහෙම කට්ටක් කාලා තමයි විනාඩි එක හමාරක පොඩි පොඩි වීඩියෝ හදලා තමයි ඔහු අද මේ ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. කොහොම නමුත් ඔහුව බොහෝ දෙනෙක් හදුනා ගත්තේ ‘මට දුන්න දුක් ගින්න’, ‘කුසුම් සරා’ කියන ගීත දෙක හරහා කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහුට දැන් ආදරවන්තියක් ඉන්නවාලු. ඉතින් ඔහු බිංදුවේ ඉදන් නැගිටපු කෙනෙක් නිසා කවදාවත් මුල අමතක වෙන්නේ නැහැ කියලයි අමිශ නම් කියන්නේ. ඒ වගේම ඔහු ආව ගමනත් එක්ක මේ තරම් ඉක්මනට අද ඉන්න තැනට එන්න හිරු ස්ටාර් ලොකු සප් එකක් දුන්නා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ශර්ට් එකට දාඩිය දැම්මම සෝදලා ආය ඒකම ඇද ගන්නවා.. Rating: 5 Reviewed By: webgossip24.com