728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 23, 2023

අද අළුයම 4 වන තෙක් කල පරීක්ෂණ වලින් පසු මන්ත්‍රී අලි සබ්‍රී නිදහස් කරයි


 පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතා විසින් නීතිවිරෝධී ලෙස රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද (24දා)  අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසීය.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය රේගු ආදායම් සංරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී.ප්‍රේමරත්න මහතා විසින් පවත්වා තිබූ අතර , එහිදී මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ , රන් බිස්කට් , ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර , මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

මන්ත්‍රීවරයා මෙම දඩ මුදල 05/24 දින අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ .

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අද අළුයම 4 වන තෙක් කල පරීක්ෂණ වලින් පසු මන්ත්‍රී අලි සබ්‍රී නිදහස් කරයි Rating: 5 Reviewed By: webgossip24.com