728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 11, 2023

25 හැවිරිදි තරුණියක් නිවස තුළ අභිරහස් ලෙස මියයයි

 


ඉංගිරිය බෝධිනාගල යහල වත්ත ප්‍රදේශයේ නිවසක තනිව සිටි 25 හැවිරිදි තරුණියක් ඊයේ (11) පස්වරුවේ හිටිහැටියේ මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියයි.


පොලීසිය සඳහන් කළේ ඇය මීට මාස කීපයකට පමණ ඉහත දී විවාහ වූ තැනැත්තියක් බවයි.


මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයා සවස රැකියාව නිමවා නිවසට පැමිණීමේ දී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන්ව වැටී සිටින අයුරු දැක වහා ක්‍රියාත්මක වී ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගිය ද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


මියගිය තරුණිය වැටී සිටි මුළුතැන් ගෙට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන් වී පිටතට නෙරා තිබූ බව පොලිසිය කියයි.


තරුණිය මිය ගියේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් හට ගෙන තිබෙන බව පොලිස් නිලධාරියකු පැවැසීය.


තරුණියගේ හදිසි මරණයට හේතුව දැනගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතයි.


ඊට අමතරව පානදුර කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 25 හැවිරිදි තරුණියක් නිවස තුළ අභිරහස් ලෙස මියයයි Rating: 5 Reviewed By: webgossip24.com