728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 5, 2023

බුදු මැදුර යට දමා ගිය බිලිදා රෝහලට - දෙමාපියන් සොයා පොලීසියෙන් පරික්ෂණ


 වත්තේගම ඇල්කඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරයට යන මාර්ගය ආසන්නයේ පිහිටි බුදු පිළිමය යට දමා ගොස් තිබූ අලුත උපන් බිළිඳකු  සොයා ගත් බව වත්තේගම පොලිසිය පවසයි.

එම දරුවා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.

මෙම දරුවා බුදුපිළිමය යට තබා ගොස් තිබෙන අයුරු ප්‍රදේශවාසීන් පිරිසක් දැක රෝහල්ගත කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙමදරුවා නිරෝගී සුවයෙන් පසුවන බව වත්තේගම රෝහලේ ප්‍රකාශකයෙක් කීය.

බිලිඳා බිහිකළ මව ගැන තොරතුරු හෙළි කර ගැනීමට ද වත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

එම දරුවා එම ස්ථානයේ දමා ගිය අය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැත.

මීට අමතරව හදාවඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් බාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.


මවුපියන් දරුවන් මහමග අතහැර යාමේ සිද්ධීන් හැටක් පසුගිය වසර හයේදී වාර්තාවී ඇතැයි පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එන්.අයි ලියනගේ පැවසීය.

මේ අතර දරුවන් 80 දෙනකු විවිධ හේතු මත එම කාලයේදී ඝාතනයට ලක්ව ඇතැයි පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයා කීවේය.

දරුවන් බාර ගැනීමේ කවුළුවලට සිය දරුවන් බාරදෙන මවුපියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව පවසන කොමසාරිස්වරයා, මේ සඳහා වන නව නීති පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත බවද ප්‍රකාශ කළේය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය මාර්ගයෙන් මෙම නව නීති පාර්ලිමේන්තුවට නුදුරේම ඉදිරිපත් කෙරෙනු ඇතැයි ද ඔහු සඳහන් පැවසිය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බුදු මැදුර යට දමා ගිය බිලිදා රෝහලට - දෙමාපියන් සොයා පොලීසියෙන් පරික්ෂණ Rating: 5 Reviewed By: webgossip24.com