728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 27, 2023

දෙදෙරු මවක් වූ අනියම් බිරිඳගේ කොණ්ඩයෙන් පලි ගත් අනියම් සැමියා පොලිස් කූඩුවට


 හේ 35 හැවිරිදි දෙදරු මවක් වූවාය.
පදිංචිය ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර ගමක වූ අතර ඇය තරුණ වියේදී එම ගමේ තරුණයෙකු සමඟ පෙමින් බැඳුනේම මව්පියන්ගේ බලවත් විරෝධය මතයි.

ඇයට ඔහු තම සැමියා ලෙස තෝරා ගැනීමට නොහැකි වූයේ එම විරෝධය නිසාමයි.එහෙත් දෙදෙනාගේ ආදරය නොනැසී පැවතිණි.

මව්පියන්ගේ කැමැත්තට ඉඩදී ඇය වෙනත් තරුණයෙකු සමග දීග ගියමුත් එහෙත් වසර දහයක් තිස්සේ පැරණි පෙම්වතා සමඟ අනියම් අයුරින් අඹුසැමියන් ලෙස ජීවත් විය.

ඇයගේ සැමියා ගමෙන් පිට රැකියාවක් කිරීම ඔවුනට මහත් අස්වැසිල්ලක්ද වුවත් පසු කලෙක ගමේ මිනිසුන්ටද එය රහසක් නොවීය.

මේ අතර තම අනියම් සැමියා වෙනත් කාන්තාවන් සොයා යන බව ඇයට ආරංචිවීමත් සමඟ ඔවුනගේ අනියම් ආදර මන්දිරය දෙදරා ගියේය.

තමාට වෙනදා මෙන් ඔහුගෙන් සතුට නොලැබෙන බව ඇයට හැඟී ගිය නිසා දෙදෙනා අතර වචනද හුවමාරුවන්නට විය.

මේ අතර පසුගිය දිනෙක දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුවූ අතර එම අවස්ථාවේදී උරණ වූ අනියම් සැමියාගේ අතට හසුවූයේ මේසය මත තිබූ කතුරකි.

එය අතට ගත් ඔහු වසර දහයකට අධික කාලයක් තමාගේ සියලු‍ අවශ්‍යතා ඉටුකළ පළමු පෙම්වතිය වූ මේ වනවිට අනියම් බිරිඳ වන ඇයගේ දිගු කොණ්ඩය කපා දැම්මේය.

තමාගේ දිගු කොණ්ඩය අහිමිවීම ගැන ඇයට මහත් වේදනාවක් ඇතිවූ අතර ඇය වහාම පොලිසියට ගියාය.

පළමු පෙම්වතා වූ අනියම් සැමියාට සිදුවූයේ පොලිස් ජීප් රථයට ගොඩ වී පොලිස් කූඩුවේ කූරූ ගැනීමට යාමටය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දෙදෙරු මවක් වූ අනියම් බිරිඳගේ කොණ්ඩයෙන් පලි ගත් අනියම් සැමියා පොලිස් කූඩුවට Rating: 5 Reviewed By: webgossip24.com