728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, May 17, 2023

අපේ අම්මට තාත්තට ලොකුවට සල්ලි නැහැ මම බඩගින්නට ලුණුත් එක්ක බිලින් කාපු දවසුත් තියෙයි.


 ශෙරිල් රොමේන් ඩෙකර් එහෙමත් නැත්නම් ස්වාධීන රූපවාහිනි‍යේ විකාශය වෙච්ච අමා ටෙලි නාට්‍යයේ අමා කියන නමින් තමයි ගොඩක් දෙනෙක් මේ සුන්දර කලාකාරිනිය ව අඳුනන්නේ. ඉතාමත් සීමිත ටෙලි නිර්මාණයන් කීපයකට විතරයි ඇය රංගන දායකත්වය දැක් වූවේ.

නමුත් අමා ටෙලි නාට්‍යයේ දා ඇය දක්වපු ඒ රංගන කුසලතාවයක් නිසා අදටත් හැමෝම ආදරෙයි ඒ චරිතයට.සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් ම ප්‍රේක්ෂකයන් එක්ක සමීප ෂෙරිල් විවාහ වෙන්න තෝරගන්නෙත්  ගායන ලෝකය තුළ තුල ප්‍රසිද්ධ ගායකයෙක් වෙච්ච රුවන් හෙට්ටිආරච්චි.

ඒ වගේම තමයි සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් ෂෙරිල්ගේ පෞද්ගලික ජීවිතයට එක එක දේවල් කිව්වා.තවත් සමහර අය ඇයි තාම ළමයෙක්වත් නැත්තෙ කියලා දෝෂාරෝපණ පවා කලා.

ඒ වගේම තවත් සමහර අය හිතුවා සැරෙන් කියන්න හොඳ සල්ලිකාර පවුලකින් එන පෝෂ් කෙල්ලෙක් කියලා. හැබැයි හැමෝම හිතන ඒ විදිහ වෙනස් කියලා ෂෙරිල් එක් අවස්ථාවකදි සංවේදී වෙලා තමන්ගේ අතීත ජීවිතය ගැන කියපු කතාවක් තමයි මේ.

“අපේ කොළොන්නාව ගෙවල්ගාව ඉස්සර තිබ්බ බිලිං ගහක්. කොහොමහරි ඉස්සර අපේ අම්මාටයි තාත්තටයි එච්චර ගොඩක් දේවල් තිබ්බේ නැහැ. මම එදා ඉස්කෝලේ ඇරිලා ආපු දවසක් මට හොඳටම බඩගිනියි.මම ඒ නිසා ගේ ගාව තිබ්බ බිලිං ගහෙන් බිලින් කඩන් ලුණුත් එක්ක කෑවා. කවුරුත් විශ්වාස කරන් නෑ.

මාව දැක්කහම කට්ටිය හිතන්නේ මං ගොඩක් සල්ලි තියෙන කෙනෙක් කියලා.මම පල්ලෙහා ඉඳන් ආපු කෙල්ලෙක්.කවුරුහරි කන්න නැතුව පාරේ ඉද්දි මට මතක් වෙනවා අනේ මටත් මෙහෙම කාලයක් තිබ්බනේ කියලා.ඇයි මිනිස්සු තමන්ගේ පටන්ගැන්ම ගැන කියන්න කැමතියි.සමහර අවස්ථාවලදී මට කන්න කෑම තිබ්බෙත් නැහැ.”

ඉතින් ඇය ජීවිතයේ  තමන් මුහුණ දීපු  දැකීමක් ගැන ඔන්න ඔය විදියට තමයි අදහස් හුවමාරු කරගෙන තිබ්බේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අපේ අම්මට තාත්තට ලොකුවට සල්ලි නැහැ මම බඩගින්නට ලුණුත් එක්ක බිලින් කාපු දවසුත් තියෙයි. Rating: 5 Reviewed By: webgossip24.com