728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 9, 2023

සැකකරුගේ පාපොච්චාරණය බොරු? - හිමිනමක් සමාජ මාධ්‍යයට ජායාරූප ප්‍රසිද්ධ කරයි


 කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු  පොලිසිය හමුවේ පාපොච්චරණය කර පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලෙන් බිමට පැන්න බවය.

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (09) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ, සීනිගම දේවාලයත් හික්කඩුව පොලිසියත් අතර ප්‍රදේශයේදීය.


ඒ, කළුතර පොලීසියට ලද තොරතුරකට අනුවය.


ඔහු කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි අයෙකි.


සැකකරු අම්බන්ගොඩ ප්‍රදේශයේ සිටින බවටත් ඔහු අද අලුයම මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීමට එම ප්‍රදේශයට පැමිණෙන බවටත් පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.


ඒ අනුව, පොලිස් නිලධාරියෙකු උපායදූතයෙකු ලෙස සැරසී මෝටර් රථය ලබාදීම සඳහා අම්බන්ගොඩ ප්‍රදේශයට ගිය ද සැකකරු අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානවලට පැමිණෙන ලෙස පොලිස් නිලධාරියාව විවිධ ස්ථානවලට ගෙන්වාගෙන තිබුණි.


අනතුරුව ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේදීම මෝටර් රථයට ගොඩවී ඇති අතර එහි රියදුරු ලෙස සැරසී සිටි පොලිස් නිලධාරියා විසින් සූක්ෂ්ම ලෙස සැකකරුව සීනිගම දේවාලයත්, හික්කඩුව පොලිසියත් අතර ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.


එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කළුතර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.


එහිදී සැකකරු සතුව තිබී රුපියල් 95,000ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

 

අනතුරුව සැකකරු කළුතර දකුණ පොලිසිය වෙත රැගෙන විත් ප්‍රකාශ සටහන් කරගැනුණු අතර එහිදී සැකකරු පාපොච්චරණය කර ඇත්තේ, මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුවළ අතර සිටින පෙම්වතා මාර්ගයෙන් තමන් අදාළ පාසල් සිසුවිය හඳුනාගත් බවය.


එමෙන්ම ඇයව මෙම සිදුවීමට පෙර කිසිඳු දිනකදී හමු වී නොමැති බවත් ඇය හා කිසිඳු සබඳතාවත් පවත්වා නොමැති බවත් සැකකරු පවසා තිබේ.


තමන් ඇතුළු සිව්දෙනා ඉකුත් සෙනසුරාදා අදාළ ලැගුම්හලට ගොස් මත්පැන් පානයකළ බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් බව පොලීසිය පවසයි.


අනෙක් යුවළ ලැගුම්හලෙන් පිටව ගිය පසු තමන් හා පාසල් සිසුවිය නිරුවත්ව කාමරය තුළ සිටිය ද ලිංගිකව එක් නොවූ බව සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.


ඒ අතරතුර ඇයගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුමකට ඇය අසභ්‍ය වචනයෙන් කෝපාවිෂ්ඨව ප්‍රතිචාර දක්වා ඇති බව ද සැකකරු පොලීසියට කළ පාපොච්චරණයේ සඳහන්ය.


පසුව සිසුවිය කාමරයේ ජනේලයක් අසල වූ පුටුවකට නැග ජනේලයෙන් පිටතට පැන්න බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.


ඒ අනුව බිය වූ තමන් එම ස්ථානයෙන් පළාගිය බව සැකකරු ඔහු පොලීසියට පවසා තිබේ.


පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ එලෙස පළාගිය සැකකරු හොරණ ප්‍රදේශයේ සිටින ඔහුගේ දික්කසාද කළ කාන්තාවකගේ නිවසක රැඳීසිට අනතුරුව තවත් ලැගුම්හලකට ගොස් පැය කිහිපයක් එහි රැඳීසිට ඇති බවය.


කෙසේවෙතත් සැකකරු පොලීසියට සිදුකළ පාපොච්චාරණයේ සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.


මේ අතර මියගිය පාසල් සිසුවියට ලද දුරකතන ඇමතුම සම්බන්ධයෙන් ඇයගේ දුරකතන දත්ත පරීක්ෂා කිරීමට නියමිතය.


එමෙන්ම මියගිය සිසුවිය දූෂණයට ලක් ව නොමැති බවට වෛද්‍යවාර්තාවේ සඳහන් ව තිබෙන බව පොලිසිය සඳහන් කළේය.


මේ අතර අදාළ පාසල් සිසුවියගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, එය ඇය ලැගුම්හලට ගිය අනෙක් යුවල අතර සිටි පෙම්වතා විසින් කළු ඟගට විසිකර ඇති බවය.


අදාළ යුවළ සහ ප්‍රධාන සැකකරුවට පළායෑමට උදව්කළ පුද්ගයෙකු මේ වන විට මැයි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.


මේ අතර පාසල් සිසුවිය මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඔහුගේ කළුතර ඉසුරු උයන ප්‍රදේශය පිහිටි ඔහුගේ නිවස වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා අද පස්වරුවේ ගෙන යනු ලැබීය.


මේ අතර කළුතර නාගොඩ පිහිටි පාසල් සිසුවියගේ නිවසේ දේහය තැන්පත් කර තිබු අතර විශාල පිරිසකගේ සභභාගිත්වයෙන් ආගමික වතාවත් සිදුකෙරුණි.


පසුව ඊයේ පස්වරුවේ කළුතර ඇටවිල පොදු සුසාන භූමියේදී ඇයගේ අවසන් කටයුතු සිදුකෙරුණි.


කෙසේ වෙතත් මෙම සිදුවීමට පෙර කිසිඳු දිනකදී හමු වී නොමැති බවත් ඇය හා කිසිඳු සබඳතාවත් පවත්වා නොමැති බවත් සැකකරු පවසා පොලීසියට ලබා දුන් කට උත්තරය අසත්‍ය බවට කරුනු අනාවරණය වෙමින් පවතී. ඒ ප්‍රදේශයේ හිමිනමක් සමාජ ජාල මාධ්‍ය තුල පල කල ජායාරූප නිසා. සැකකරු පසුගිය මාර්තු මස 17 දින මෙම දැරිය හා තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයක සිටින ජායාරූප මෙලෙස ප්‍රසිද්ධ කර ඇත. 









  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සැකකරුගේ පාපොච්චාරණය බොරු? - හිමිනමක් සමාජ මාධ්‍යයට ජායාරූප ප්‍රසිද්ධ කරයි Rating: 5 Reviewed By: webgossip24.com