728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, May 10, 2023

බිරිඳ දුන් ඔත්තුවෙන් දැරියන්‍ට කරදර කල ගණිත ගුරා මාට්ටු - ජායාරූප


 පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද (11) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයෙකි.

සැකකරු පටිගත කල දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරයි.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී දෙමව්පියන් දැනුවත් කර ඇති බවත් ජේෂ්ඨ පොලිස් නිළධාරියෙක් කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත





  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බිරිඳ දුන් ඔත්තුවෙන් දැරියන්‍ට කරදර කල ගණිත ගුරා මාට්ටු - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com