728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 18, 2023

වැඩිමල් සොයුරාගේ කිහිලිකරු පහරින් බාල සොයුරා එලොව යයි.


 ඊයේ (18) අයියාගේ කිහිලිකරු පහරින් බරපතළ තුවාල ලැබූ බාල සොයුරෙකුගේ පුවතක් කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

තුවාල ලැබු එම පුද්ගලයා හේනේවල දිසා රෝහලට ඇතුළත් කිරීමේ දී ඊයේ මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පහළ කඩුගන්නාව මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් ය.

බීමත්ව පැමිණි ආබාධිත වැඩිමල් සොයුරා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.

පහරදුන් 56 හැවිරිදි සැකකරු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කෙසේවෙතත්, අද (19) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වැඩිමල් සොයුරාගේ කිහිලිකරු පහරින් බාල සොයුරා එලොව යයි. Rating: 5 Reviewed By: webgossip24.com