728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 11, 2023

රූපලාවන්‍යාගාර වලට ගොස් අමුතු සෙල්ලමක් දැමු සුරූපී තරුණියක් අත්අඩංගුවට

 


රූපලාවණ්‍ය කටයුතු සිදු කරන මුවාවෙන් ගොස්  රූපලාවන්‍ය ශිල්පිනියන් ගේ ක්‍රෙඩිට් කාඩ්පත් සොරාගෙන  රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ මිලදී සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ 20 හැවිරිදි  සුරිපි තරුණියක අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.

සැකකාරිය සන්තකේ තිබී රන් මාලයක් සහ පෙන්ඩනයක් පොලිස් භාරයට ගෙන ඇත. රූපලාවන්‍ය කටයුත්තක් සඳහා පැමිණි තරුණියක් අත් බෑග් තිබු ක්‍රෙඩිට් කාඩ් පත සොරා ගෙන රුපියල් ලක්ෂයකට ආසන්න භාණ්ඩ මිලදී ගෙන ඇති බවට අවිස්සාවේල්ල ප්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පිනියක් කරන ලද පැමිණිල්ලක් අනුව අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 සැකකාරියගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී  එයාකාරයෙන්ම වරකපොල, සීදුව, ගම්පොළ  ආදී ප්‍රදේශවල රූපලාවන්‍යාගාර වලට ගොස්  ඒ සඳහා පැමිණි බවට හඟවා ඉතා සූක්ෂම ලෙස ණය කාඩ්පත් සොරා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාරිය එම ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කරගෙන  මිලෙන් අධික ඇඳුම් පැළඳුම්, රන් භාණ්ඩ හා  අධික මිල ගණන් වල ආහාර පාන මිලදී ගෙන තිබූ බව පොලිසිය කියයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රූපලාවන්‍යාගාර වලට ගොස් අමුතු සෙල්ලමක් දැමු සුරූපී තරුණියක් අත්අඩංගුවට Rating: 5 Reviewed By: webgossip24.com