728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 21, 2023

ඇතැම් පාසල්වල සමහර ශිෂ්‍යාවන් මුදලට පියයුරු ස්පර්ශ කිරිමට ඉඩ දෙන බව හෙළි වෙයි


නුරපුර පින්බිමේ දවසකට ළමා අපචාරත් දෙකයි…’ ශීර්ෂය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා සිදුවන අපචාර සිද්ධි ගැන ‘දිවයින ඉරිදා සංග්‍රහයෙ’හි සටහනක් තබා වැඩි කාලයක් නැත. 

ඒ මේ වසරේ ජනවාරි මස 29 වැනි ඉරිදාය. එදා අප හෙළිදරව් කළ අනුරාධපුර ළමා අපචාර වැඩිවීම මෙදා කරලියට පැමිණ තිබේ.  මේ වසරේ මුල් මාස හතර තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වෙත ළමා හා කාන්තා බරපතළ අපරාධ හැත්තෑහතරක් වාර්තා වී ඇති බවත් එම සංඛ්‍යාව ලේඛන දත්ත හා සැසඳීමේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා අපයෝජනවල ක්‍රමික වර්ධනයක් ඇති වී තිබෙන බව ද අනුරාධපුර පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍යාමලී දිසානායක පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබිණි. 

ළමා හා කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් ලෙස පොලිසිය හා රාජ්‍ය නිලධාරීන් එවැනි අපරාධ අවම කර ගැනීමට කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති බව ද ඇය පවසා තිබිණි. 

ඇයගේ කතාව අගනේය. එහෙත් ක්‍රියාවෙන් සිදු වේ ද යන්න ගැටලුවකි.  අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර, කැබිතිගොල්ලෑව සියලුම පොලිස් කොට්ඨාසවල ළමා අපචාර සිද්ධි වාර්තාවීම වේගවත් වූයේ මේ වසරේ මුල් කාර්තුවේ පමණක් නොවේ. පසුගිය වසරටත් එපිට සිටය. පසුගිය වසර අවසානය වන විට තන්තිරිමලේ, විලච්චිය, ගල්කිරියාගම, එප්පාවල, ගාලදිවුල්වැව, නොච්චියාගම සහ තඹුත්තේගම යන ප්‍රදේශවලින් වාර්තා වන ළමා අපචාර සිද්ධි අතිශය ඉහළ මට්ටමක පැවැති බව වාර්තා විය. 

එමෙන්ම එම ප්‍රදේශවලින් බහුලව වාර්තා වෙමින් තිබුණේ වයස අවුරුදු හයේ සිට ඉහළට දැරිවියන්ට සිදුවන අපයෝජන සිද්ධිය. වයස අවුරුදු හයට වැඩි ගැහැනු ළමයි බොහෝවිට දූෂණයට ලක් වෙන්නෙ පෙම්වතාගෙන් බව ද වාර්තා විය. එම කතාව තවදුරටත් සනාථ කරන සිද්ධි කිහිපයක් පසුගිය දිනවල ද අපට වාර්තා විය. ඒ අනුරාධපුර හද්ද වන්නියෙන් නොවේ. අනුරාධපුර නගරයේ සුපිරි පාසල් ඇසුරිණි. කන වැකෙන විට සියොළඟම හිරි වැටී යන එම කතා පෙළ පෙළගැසෙන සටහනට එකතු කිරීමට වරක් නොව, කිහිප වරක් අපි සාකච්ඡා කළෙමු. එහෙත් තුන් ලොවටම අග්‍ර වූ රුවන්මැලි මහා සෑ රජුන්, සිරිමා බෝ සමිඳු වැඩ හිඳින අටමස්ථාන පුණ්‍ය භූමිය අවටින් නිරන්තරයෙන් මෙවැනි කතා වාර්තාවීම පාපයකි. 

එම පව්කාර සිද්ධි දැනගෙන වාර්තා නොකර සිටීම අප කරන වරදකි. එහෙයින් සියලුදෙනාගේ එකඟතාව මත හදවත් පාරවන එම සිද්ධි මාලාව පෙළගැසෙන සටහනට මෙසේ එකතු කිරීමට අපි අදහස් කළෙමු.  අනුරාධපුර ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක උසස් පෙළ පන්තියක, ළමයින් නැති අවස්ථාවක ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයෙක් අශෝභන ලිංගික ක්‍රියාකාරකමක යෙදී සිටින මොහොතක නොසිතූ ලෙස ගුරුවරියක් පන්තියට පැමිණ තිබේ. 

ගුරුවරිය දැක කලබල වූ ශිෂ්‍යයා ගුරු මේසය මත තිබූ මල් පෝච්චිය අතට ගෙන ගුරුවරියට දමා ගසා තිබිණි. එයින් බරපතළ තුවාල සිදු වූ ගුරුවරිය රෝහල්ගත කර නේවාසික ප්‍රතිකාර ලැබූ බව ද අපට වාර්තා විය. එම ශිෂ්‍යයා සහ ශිෂ්‍යාව ද පහත් ලිංගික ආශාවන්ගෙන් පෙළෙන මානසික රෝගීන් වැනි අය බව ද වාර්තා විය. ඔවුන්ගේ පහත් ලිංගික ආශාවන් සංසිඳුවා ගැනීමට පන්ති කාමරය ගුබ්බෑයමක් බවට පත් කරගෙන තිබෙන පළමු අවස්ථාව එය නොවන බව ද සැබෑය. එමෙන්ම එම ශිෂ්‍යයා සහ ශිෂ්‍යාව පාසල් පන්ති කාමර තුළ අවකෙළි නැටූ මෙරට එකම යුවළ ද නොවේ. 

එම පාසලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ පාසල්වල මෙන්ම මෙරට බොහෝ පාසල්වල පන්ති කාමර ලිංගික ක්‍රියාකාරකම්වලට පාවිච්චි කරන අවලම් ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සිටින බව ද නොරහසකි. මෙදා මෙන්ම අතීතයේ ද එවැනි සිද්ධි වාර්තා විය. අතීතයට සාපේක්‍ෂව මෙදා එවැනි අශික්කිත සිද්ධි වාර්තා වීම ඉහළ මට්ටම පවතී. එහෙත් අනුරාධපුර නගරයේ සහ ඒ ආශ්‍රිත ඇතැම් පාසල්වලින් වාර්තා වන මේ කතාව නම් අපගේ දෙසවනේ රැඳුණේ ප්‍රථම වතාවටය.  

අනුරාධපුරයේ ඇතැම් පාසල්වල සමහර ශිෂ්‍යාවන් පාසලේ අහුමුළුවල, පන්ති කාමර තුළ හිත මිතුරු පිරිමි ළමයින්ට තම ළැම පෙදෙස පිරි මැදීමටත් වෙනත් ක්‍රියාකාරකම්වලට ඉඩ ලබා දී මුදල් අය කරන බව වාර්තා වේ. එවැනි නොහොබිනා ක්‍රියා වේගයෙන් පාසල් තුළ ප්‍රචලිත වන බව ද වාර්තා වේ. එම පළාතෙන් බැහැර එපිට ජීවත් වන අපට එවැනි සිද්ධි වාර්තා වන පසුබිමෙක අනුරාධපුරේ අදාළ රාජ්‍ය නිලධාරීන් නොදැනුවත් සිටීමට නොහැකිය. එහෙත් ශරීරය මුදලට විකිණීමට පුරුදු පුහුණු වන පාසල් ශිෂ්‍යාවන් හඳුනාගෙන දඬුවම් කිරීමට, උපදේශන සේවාවලට සම්බන්ධ කර නොහික්මුණු සිත් පිරිසිදු කිරීමට අදාළ නිලධාරීන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන බවක් අපට වාර්තා වී නැත.

 එමෙන්ම තරුණ ගුරුවරියන්, උසස් පෙළ පන්තිවල ශිෂ්‍යයන් සමඟ ද තරුණ ගුරුවරුන් සුන්දර ශිෂ්‍යාවන් සමඟ ද ආදර සම්බන්ධතා, අනියම් සබඳතා පැවැත්වීමේ සිද්ධි ද අනුරාධපුර පාසල් ඇසුරින් වාර්තා නොවෙනවාම නොවේ. අනුරාධපුර පාසල්, ඇතැම් ගුරු ගෝල දෙපාර්ශ්වයට කෝලම් මඩු බවට පත් වී තිබෙන පසුබිමක එම ප්‍රදේශයේ ‘ටියුෂන් කලාව’ ද නිල් වී තිබේ  උපුටා ගැනීම  - දිවයින

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඇතැම් පාසල්වල සමහර ශිෂ්‍යාවන් මුදලට පියයුරු ස්පර්ශ කිරිමට ඉඩ දෙන බව හෙළි වෙයි Rating: 5 Reviewed By: webgossip24.com