728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 14, 2023

රාජ්‍ය ආයතන 430ක් විකුණා දැමේ - මෙන්න ලිස්ට් එක විදුලි බල,රූපවාහිනී,ගුවන් විදුලි ,සතොස,සිපෙට්කෝ ඒ අතර


 යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පාඩු ලබන සහ ලාභ ලබන රාජ්‍ය ආයතන 430ක් හඳුනාගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

යෝජිත වැඩසටහන යටතේ, සමහර ආයතන විකුණන ලබන බවත් ඇතැම් ඒවා වසා දැමීමට නියමිත බවත් තවත් ඒවා ඒකාබද්ධ කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම කරන බවත් එම පුවතපත වාර්තා කරයි.

මෙම ක්‍රියාවලිය මාස දෙකකින් පමණ ආරම්භ වී වසර අවසන් වන විට අවසන් කිරීමට නියමිත බව භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ආයතන 430 ඇතුළත් අතර ඒ අතර රාජ්‍ය සංස්ථා 39 ක්, සමාගම් 218 ක් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල 173 ක් ඇතුළත් වෙයි.

සමාගම් අතර  ප්‍රාදේශීය වැවිලි සමාගම් 21ක්ද ඇතුළත් වෙයි. මෙම ආයතන අතර පසුගිය වසරේ රුපියල් බිලියන ගණනින් පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසායන් 20ක් වෙයි.

පසුගිය වසරේ රාජ්‍ය ආයතන ලැබූ අලාභයන් මේ ආකාරයෙන් වෙයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව (රු. බිලියන 615), ලංකා විදුලිබල මණ්ඩලය (රු. බිලියන 272), ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් (රු. බිලියන 70), සීමාසහිත සිලෝන් ෂිපින් කෝපරේෂන් ලිමිටඩ් (රු. බිලියන 4), ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (රු. බිලියන 3), සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (රු. බිලියන 1).

යෝජිත වැඩසටනහට අයත් අනෙක් රාජ්‍ය ආයතන අතර මෙම ආයතනද ඒ අතර වෙයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව
ලංකා විදුලිබල මණ්ඩලය
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්
සිලෝන් ෂිපින් කෝපරේෂන් ලිමිටඩ්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
හෝටල් සංවර්ධක ලංකා පීඑල්සී
ලංකා සතොස ලිමිටඩ්
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
මයික්‍රෝ (පුද්ගලික) සමාගම
රාජ්‍ය මුද්‍රණ සංස්ථාව
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරිය

ලංකා ලේලන්ඩ් ආයතනය  ඇතුළත් වෙයි.

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා ජාතික නියෝජිතායතනයක් ස්ථාපිත කර ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රාජ්‍ය ආයතන 430ක් විකුණා දැමේ - මෙන්න ලිස්ට් එක විදුලි බල,රූපවාහිනී,ගුවන් විදුලි ,සතොස,සිපෙට්කෝ ඒ අතර Rating: 5 Reviewed By: webgossip24.com