728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 9, 2023

නීතිඥ වරියක් වෙන්න හරි ආශාවෙන් හිටිය පවුලේ එකම ළමයා ටිහාරා අවසන් ගමන් යයි - ජායාරූප


 පෞද්ගලික උපකාරක පංති නිසා දරුවන් දහම් පාසල මගහැරීම නිසා අශීලාචාර සමාජයක් බිහිවෙලා. දරුවන්ට ඉඩකඩම් දේපල හදනවා වගේ ඔවුනේ ඔළුව සහ පපුවත් හැදිය යුතුයි" යැයි නාගොඩ ජයවර්ධනාරාමධිකාරී පූජ්‍ය දොඩංගොඩ විදුරඥාන හිමියන් පැවසූහ. 

උන් වහන්සේ මේ බව සදහන් කළේ කළුතර ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැවැරිදි පාසල් සිසුවියක් වන ටිහාරා නිර්මානි නිශ්සක සිල්වා දැරියගේ අවසන් කටයුතු සිදුකරන අවමංගල්‍ය උත්සවයේ විශේෂ අනුශාසනාවක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසීය. "දැන් සමාජයේ දරුවන් දුරකථන නිසා විවිධ වැරදි වලට යොමුවෙලා. මරණය පොදු දෙයක් උනත් මේ මරණය පිළිබඳ රටම පමණක් නොවෙයි ලෝකෙම කතාවෙනවා. සමස්ත මුළු මහත් සමාජයටම වැදගත් පණිවුඩයක් ගෙනදෙනවා."

ඇයගේ මව සිය එකම දියණියගේ අකල් වියෝව දරාගත නොහැකිව ඉකිබිදිමින්  කදුළු සලයි. "මගේ රත්තරං දරුවා නීතිඥ වරියක් වෙන්න හරි ආශාවෙන් හිටියේ. මේ මරණය අපිට අදහා ගන්න බෑ. මුලින් කොල් එක ගන්නකොට අම්මේ මම දන්සලේ කිව්වා. ඊට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා. ලෝයර් කෙනෙක් වෙන්න හීන දැක්ක මගේ දුවට මොකද මේ උනේ. අනේ රත්තරං දුවේ සංසාරේ නිවන් දකිනතුරු අප අතරම ඉපදෙන්න දුවේ. මේ වගේ අකල් මරණයකට නම් ගොදුරු වෙන්න එපා දුවේ" යනුවෙන් කදුළු සලමින් හඩාවැටෙන්නීය.

ආගමික වතාවත් වලින් අනතුරුව ඇදහැලුන වර්ෂාවද නොතකා පැමිණ සිටි පිරිස් ඇයගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැරට එක්ව නාගොඩ , ඇටවිල පොදු සුසාන භූමියට ගමන් කරන ලදී. නාගොඩ ඇටවිල පොදු සුසාන භූමියේ දී දහස් ගණනකගේ සෝසුම් මැද දේහය භූමදානය කරන ලදී.








  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නීතිඥ වරියක් වෙන්න හරි ආශාවෙන් හිටිය පවුලේ එකම ළමයා ටිහාරා අවසන් ගමන් යයි - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com