728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 19, 2023

ප්‍රේම සම්බන්ධය නතර කල පරණ පෙම්වතියට අපූරු දඩුවමක් - පෙම්වතා මැයි 30 දක්වා රිමාන්ඩ්


 මහමග ගමන් කරමින් සිටි හිටපු පෙම්වතියව ත්‍රීරෝද රථයකින් පැහැර ගෙන ගොස් පහරදී නැවත පැහැරගත් ස්ථානයටම ගෙනැවිත් ඇරලූ පුද්ගලයකු මැයි 30 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නිම කර තිබෙනවා.

දිවුලපිටිය – පල්ලියපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අදාළ ත්‍රීරෝද රථයේ රියැදුරු දැඩි කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහැරුණා.

ඇය වසරක පමණ කාලයක් සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව අධිකරණයේදී සඳහන් වූ අතර, සැකකාර පෙම්වතා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවයි එය නවතා ඇත්තේ.

ඊට උරණ වූ සැකකාර පෙම්වතා මිතුරකු සමග පැමිණ මරදගහමුල – නෙල්ලිගහමුල ප්‍රදේශයේදීයි පැමිණිලිකාර තරුණියව පැහැරගෙන ගොස් වෙනත් අයෙකුව විවාහ කර නොගන්නා ලෙස බලකරමින් සහ තර්ජනය කරමින් පහරදී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ප්‍රේම සම්බන්ධය නතර කල පරණ පෙම්වතියට අපූරු දඩුවමක් - පෙම්වතා මැයි 30 දක්වා රිමාන්ඩ් Rating: 5 Reviewed By: webgossip24.com