728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, May 24, 2023

ඉතාලියේ සේවය කල ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙක් නොඑන ගමනක


 ඉතාලියේ බෙර්ගමෝ නගරයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයකු පසුගිය දා සිදුවු බිහිසුණු මාර්ග අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාරවිල, කටුනේරිය පදිංචි 45 හැවිරිදි සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු නැමති දෙදරු පියෙකි.ඉතාලියේ බෙර්ගමෝ නගරයේ පිහිටි පොලීසිය වෙත කිසියම් අවශ්‍යතාවක් සඳහා පාපැදියෙන් ගමන් කරමින් සිටියදී විරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි සංජීවව රෝහල් ගත කරන විටත් මරණයට පත්ව සිටි බව ඥාතීහු පවසති.

අනතුරින් මරණයට පත්වු  සංජීව මීට වසර 24කට පමණ පෙර ඉතාලියේ සේවය සඳහා ගොස් ඇති අතර, ඔහු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ඉතාලියේ ජීවත්ව තිබේ.මියගිය සංජීවගේ අවසන් කටයුතු ඉතාලියේ බෙර්ගමෝ නගරයේ දී පසුගිය 21 වනදා සිදුකර ඇත. 

ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේ පිහිටා ඇති පනාරෙයා සංචාරක දුපතේ  සංචාරක හෝටලයක රැකියාව කරමින් සිටියදි අනතුරකට ලක්වි ඉකුත් 19 දා ශ්‍රිලාංකිකයෙකු මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ රුවන් මනොජ් කුමාර් නැමති 43 හැවිරිදි දෙදරු පියෙකි,ඉතාලියේ සංචාරක සමයත් සමග සය මාසික රැකියාවක් වෙනුවෙන් මියගිය පුද්ගලයා මෙම සංචාරක හෝටලයේ රැකියාවට පැමිණ ඇති බවත් එහි ගොඩනැගිල්ලක ඉනිමගක ආධාරයෙන්  තීන්ත ආලේප කරමින් සිටියදි ඇද වැටිමෙන් බරපතල තුවාල ලබා ශ්‍රිලාංකිකයා මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය පවසයි.

මෙම මරණය යම් රෝගි තත්වයක් නිසා ඇද වැටිමෙන් සිදුවුවක්ද එසේත් නැතිනම් අපරික්ෂාකාරි තත්වය නිසා ඇද වැටිමෙන් සිදු  වු මරණයක්ද යන්න සොයා බැලිමට පශ්චාත් මරණ පරික්ෂණය සදහා දේහය පනාරෙයා දූපත ආසන්නයේ පිහිටා ඇති ලිපාරි දූපත් රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බව ඉතාලි මාධ්‍ය සදහන් කරයි.

මියගිය රුවන් මනෝජ් කුමාර මහතා වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ පදිංව් කරුවෙක් බවත් දේහය මව්බිමට ගෙනඒමට කටයුතු සුදානම් කරමින් තිබෙන බව එම මාධ්‍ය පවසයි.

මේ අතර ඉතාලියේ රෝම් අගනුවර කොරනේලියා ප්‍රදේශයේදි පෙරේදා 21 රාත්‍රියේ සිදුවු අනතුරකින් ශ්‍රි ලාංකික තරුණයෙක් මියගොස් තිබේ,මෙලෙස මියගොස් ඇත්තේ රෝම් අගනුවර පදිංචි මාන්නගේ මාර්කෝ නැමති 25 හැවිරිදි තරුණයෙකි.

ඉකුත් 21 දා රාත්‍රියේ තම මිතුරන් පිරිසක් හමු වි  තමන් පැදවු කුඩා ප්‍රමාණයේ විදුලි ස්කුටරයකින් පදිංචි නිවස බලා යමින් සිටියදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු බඩු ප්‍රවාහන වෑන් රථයක ගැටි මෙම අනතුර සිදුව ඇති බව රෝම් රථවාහන පොලිසිය පැවසීය ,මියගිය තරුණයා ඉතාලියේ රෝම් අගනුවර ඉපදි තම මාපියන් සමග ජිවත් වු අයෙකි, අනතුර සම්බන්ධයෙන් රෝම් රථවාහන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඉතාලියේ සේවය කල ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙක් නොඑන ගමනක Rating: 5 Reviewed By: webgossip24.com