728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 18, 2023

පාස්පෝට් පෝලිම ඉවරෙටම ඉවරයි.. පළවැනිදා සිට සියළු පාස්පෝට් අන්තර්ජාලයෙන්..


 විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය මගින් ලබාදීමට ජූනි මස පලමුවෙනිදා සිට සියලු කටයුතු සකස් කර අවසන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඡායාරූප හා අදාල අනෙකුත් ලියකියවිලි අදාල ක්‍රමවේදය ඔස්සේ යොමු කළ පසු නිවසටම විදේශ ගමන් බලපත්‍රය තැපැල් මගින් එවන බවද ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.

එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන තුරු දැනට දින වෙන්කර සිටින අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ විදේශ ගමන් බලපත්‍ර සකස් කර සකසා ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දී දැනට සිදුවන සියලු අක්‍රමිකතා ද නතර වනු ඇතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පාස්පෝට් පෝලිම ඉවරෙටම ඉවරයි.. පළවැනිදා සිට සියළු පාස්පෝට් අන්තර්ජාලයෙන්.. Rating: 5 Reviewed By: webgossip24.com