728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 16, 2023

නෙතාෂා මියගියේ රෝගී තත්ත්වයකින් - ජායාරූප



 ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී තිරාණි පීරිස් මහත්මියගේ එකම දියණිය වන නෙතාෂා පීරිස් මෙනවිය මැලේසියාවේ දී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා (11 දා) අභාවප්‍රාප්ත වූවාය.

ඇය මියයන විට 19 වැනි වියේ පසුවූවාය. නෙතාෂා නීතිඥ ගීතාල් පීරිස් මහතාගේ ආදරණීය දියණියද වූවාය. නෙතාෂාට එක් වැඩිමහල් සොහොයුරෙක් සිටී.

ඇය 2020 දී ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දී උසස් අධ්‍යාපනය හදාරා තිබේ. පසුව ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. ඇය මැලේසියාවේ පදිංචිව සිටි නිවසේ දී හදිසියේම රෝගාතුර වී ඇති අතර පසුව ඇය රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

මේ ඇය පිලිබඳව ප්‍රවීණ ජායාරූප ශිල්පී සහ ගායන ශිල්පී දයාන් විතාරණ මහතා තැබූ සටහනක් සහ ජායාරූප පහතින් නරඹන්න 

** සදෙව් විමානෙට දුක ඇසෙනා සේ ....

හැම සිතකින් කදුලක් වැටිලා ...

ඉසුරු සුගන්දය සපිරුණු ලොවකට පුංචි දෝණි මගෙ ඉගිල ගියා...

වසර 10 යේ සිට නිර්මාංශ වූ කිසිම කෙනෙකුගේ හිත නොරිදවූ සැමට ආදරය එක සේ බෙදාහල විසි වසර පෙනි පෙනී සදෙව් විමානෙට  පියඹා ගිය නෙතාෂා දෝණි ඔබ මේ ලෝකෙට හොද වැඩි යැයි මට සිතේ. 

සුරංගනාවියක් සේ හැඩ වී අද ඔබ දෙමාපියන් සහ එකම අයියා බලන්න ඇවිත්. අපි කාටවත් මේ දුක දරා ගන්න බැරි තරම්. සියලු දෙනා සසළ කල ඇගේ නිසල දේහය මේ වනවිට බම්බලපිටියේ Kinross avenue හි අංක 19 නිවසෙහි තැන්පත් කර ඇති අතර හෙට සවස 4 ට සිය නිවසින් නික්ම බොරැල්ල කනත්ත භූමියේදී සවස 5.30 ට මිහිදන් වනු ඇත. පුංචි සුරංගනාවියේ ඔබට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවා....!! **














  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නෙතාෂා මියගියේ රෝගී තත්ත්වයකින් - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com