728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 20, 2023

ලංකාවේ පරණම ගාමන්ට් එකක් වහලම දානවා හෙට - සේවක සේවිකාවන් 1080 ක් සේවය කල මීපේ හයිඩ්‍රාමිනි (ජායාරූප)


 මීට දශක 3කට පමණ පෙර  ලංකාවේ ආරම්භ කරන ඇගලුම් කර්මාන්ත අතලොස්ස  අතරින් අංක එකේ සමාගමක් දැවැන්තයෙක්,පුරෝගාමියෙක් වගේම මුල් සාමාජිකයෙක්  සේවක සේවිකාවන් 1080 ක් සේවය කල මීපේ හයිඩ්‍රාමිනි ඇගලුම් ආයතනය හෙට  දිනයේ සිට  සිය මෙහෙයුම් කටයුතු නිමාකරනා බව ආයෝජන මන්ඩලය වෙත නිළ වශයෙන් නිවේදනය කොට ඇති බවට මේ වන විට සමාජ ජාල මාධ්‍ය තුල පුවතක් හුවමාරු වෙමින් ඇත.

මෙට මස කීපයකට පෙර  ශ්‍රී ලංකාවේ  ඉදිකිරීම් ක්ෂේත්‍රය  කඩා වැටී අවසන් රැකියා ලක්ෂ දහයක් අහිමි වෙලා වෘත්තීය අනාතයින් ලක්ෂ ගනනක් බිහි වී අවසන්.ඉතින් ඇගලුම් ක්ෂේත්‍රය  කඩා වැටුන පසු දේශීය ආර්ථිකය ශක්තිමත් කරපු තවත් රැකියා ලක්ෂ ගනනක් අහිමි වනු ඇත.

ඊටත් වැඩ ඇගළුම් අපනයනය කාරමින් මෙරටට ගලා ආ ඩොලර් ප්‍රමාණය සහ මේ කර්මාන්ත ක්ෂේත්‍රය  ආශ්‍රිතව වක්‍රව රැකියා ප්‍රමාණය දස දහස් ගණනක්.ඒ පාඩුව ආර්ථිකය වැටි වැටි යන අපේ රටට දරාගනන්න කොහොමත් අමාරැයි   ඉන් පසු දේශපාලකයන් අපේ රට ගොඩනගන්නේ කෙසේද තවත් සිහින මාලිගා තැනීමට ඔවුන්  අපිට බොරු කියනු ඇත, රටේ සම්පත් විකුනනවා හැර උන්ට වෙන විකල්පයක් නැත. දැන් විකිනීමට කිසිවක් ඉතුරු නැත. සියලු වක්‍රව ර කඩා වැටුනු පසු අපේ ආර්ථිකය යලි කිසිදා නොනැගිටිනු ඇත..

මේ මීපේ හයිඩ්‍රාමිනි සේවයේ නියුතු අයෙක් තබා තිබු සටහනක් ....

"එකම පවුලක් හමුවෙන අන්තිම දවස අදයි.. යහලු යෙහෙළියෝ සහෝදර සහෝදරියෝ මැඩම්ලා සර්ලා මේ ඔක්කොම මුන ගැහෙන අන්තිම දවස අද. හදවත නැවතූන දවස අද. තිබ්බ  අඩියෙන් අඩියට අත්වැල් බැදගෙන දන්වැලක පුරක් වගේ අපිත් එකට නැගී හිටියා..

 අපෙ පවූල, අපෙ ගෙදර නේද දෙයියනෙ හරි ඉක්මනට නිසොල් මන් උනේ.. පපුව නවතින්න තරම් ලොකූ වෙදනාවක් දීලා අපි රැකුන, අපිව උස්සල තිබිබ අපෙ ශක්තිය ඔයා අද දොරගූලු දාල වහල දැමිමට අපෙ හදවත් වල ඉස්සරහින්ම හැමදාම ඉදියි ඔයා හයිඩිඩ්‍රමිනි මවුනි. ඔබට බෑ  මේ හිත් තනිකරන්න,පුලුවන් ඉක්මනින් එන්න අපිව හොයාගෙන 🙏🙏

අද ඔබෙ දරැවො ගොඩක් දුකින්  මේ ඇස් දෙකෙන් වැටෙන කදුළු කොහොම නවතන්නද.ගොඩක් දෙනෙක් හම්බ කරන් ගිය තැන.ආයෙත් මුන ගැහෙමු යන්න අවසරයි mrc මවුණි.....😔...."

උපුටා ගැනීම අවසන්...

මේ තමයි ගොඩනගන්නට පෙර මිය යන අපේ ආර්ථිකය.. 





  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලංකාවේ පරණම ගාමන්ට් එකක් වහලම දානවා හෙට - සේවක සේවිකාවන් 1080 ක් සේවය කල මීපේ හයිඩ්‍රාමිනි (ජායාරූප) Rating: 5 Reviewed By: webgossip24.com