728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 16, 2023

රහසින් චැට් කරන්න අලුතෙන් හදුන්වාදුන් WhatsApp විශේෂාංගය හදාගන්නේ මෙහෙමයි - Video


 Meta විසින් WhatsApp සඳහා නව විශේෂාංගයක් එක් කරනු ලැබ තිබේ.

එමගින් පරිශීලකයින්ට මුරපදයක් හෝ ජෛවමිතික සත්‍යාපනය (biometrics) භාවිතයෙන් තම විශේෂිත chats අගුළු දැමීමට ඉඩ සලසයි.

ඊට අමතරව මෙම chats වෙන ම ෆෝල්ඩරයක ගබඩා කෙරෙන අතර ඒවායෙන් යම් notification එකක් පැමිණියහොත් එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය සඟවනු ලබයි.

මේ වන විටත් PIN එකක් හෝ ජෛවමිතික සත්‍යාපනය භාවිතයෙන් (biometrics) WhatsApp යෙදුම අඟුළු දැමීමට පරිශීලකයින්ට අවස්ථාව ලබා දී තිබුණ ද මෙම නව විශේෂාංගය මගින් තම chats සඳහා පරිශීලකයින්ට අවශ්‍ය නම් අමතර ආරක්ෂාවක් සපයා ගත හැකි වේ.

එබැවින්, යමෙකු ඔබගේ දුරකතනයට ලබා ගත්ත ද, අගුළු දැමු chats රහසිගතව පවතිනු ඇත.

ඒ පිළිබඳව සඳහන් වීඩියෝවක් පහතින් දැක්වේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රහසින් චැට් කරන්න අලුතෙන් හදුන්වාදුන් WhatsApp විශේෂාංගය හදාගන්නේ මෙහෙමයි - Video Rating: 5 Reviewed By: webgossip24.com