728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 16, 2023

විවාහ ජීවිතය සුන්දරයි – සනුක


 සරාගේ සංසාර සිහිනේ” පෙර වදනක්” අවසන් සටන වැනි ගීත රැසකට හිමිකම් කියන මේ තාරුණ්‍යයේ සිහින කුමරා ප්‍රාසාංගික කලාවට නැතිවම බැරි චරිතයකි. කාලයක් අරගෙන වෙනස්ම නිර්මාණ තුළින් සංගීත ක්‍ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරන්න ඔහු නිතර උත්සාහ දරන්නෙකි. මෑතකදී නිර්මාණය වුණු අයියෝ සාමි ඊට හොඳම නිදසුනකි. ගීත ගායනයට මෙන්ම ගීත රචනයට වගේම තනු නිර්මාණයට දක්‍ෂ ඔහු නමින් සනුක වික්‍රමසිංහය. මේ දිනවල ඔහුගේ ජනප්‍රිය ගීතයක් වනිමෝහිණී. ගීතය ගැනයි මේ කතාබහ.

 සනුක මොකද්ද මේ මෝහිණීගේ කතාව?

ඇත්තටම මට මුලින්ම මෙහි මියුසික් හාමනි එක තමයි කීවේ. ඉතිං ඒකත් එක්ක මෙලඩි එක දැම්මහම මට හිතුණා වෙනස් ආරක ගීතයක් නිර්මාණය කරන්න. මම කරන්න හදපු වෙනස කට්ටිය හොඳින් භාරගෙන තිබෙනවා කියලා හිතනවා.

විවාහ ජීවිතය සුන්දරයි - සනුක වික්‍රමසිංහ

 රූප රචනාවත් සමග ගීතය තවත් ජනප්‍රිය වුණා?

හරිම සතුටුයි. මම විෂුවල් එකට කලින් ඕඩියෝ එකක් මුදාහැරියා ලිරික්ස් වීඩියෝ එකක් විදිහට. ඒකත් ටේ‍රන්ඩින් ලිස්ට් එකේ යම්තාක් දුරකට ආවා. ඊට වඩා රූප රචනාව ජනප්‍රිය වුණා.

● මේ ගීතය නිර්මාණය කරද්දී හිතුවද මේ තරම් වෙනසක් ඇතිවේවි කියලා?

ඇත්තටම නැහැ. නමුත් මම හැමදාම මම තෘප්තිමත් වෙලා තමයි ගීතයක් එළිදක්වන්නේ. ඒකයි මට ගීතයක් එළිදක්වන්න ගොඩක් කාලයක් යන්නේ. මගේ අනෙක් ගීත වගේම මෝහිණී ගීතයත් රසික රසිකාවියෝ වැළඳගත්තා කියලා හිතනවා.

● අයියෝ සාමී වලට වඩා හාත්පසින්ම වෙනස් ගීතයක් තමයි මෝහිණී?

මම හිතන්නේ සමහර විට මම හිතන විදිහේ මොකක් හරි වෙන්න ඇති. මොකද මම එකම දේකට කොටුවෙලා වැඩ කරන්න කැමැති නැහැ. හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ වෙනස් වෙනස් සංගීත රටා පාවිච්චි කරන්න. තේමාවක් ගත්තත් මම හැම වෙලේම ට්‍රයි කරන්නේ වෙනස් තේමාවක් ගැන. ඒක හින්ද වෙන්න ඇති අයියෝ සාමි එකට වඩා වෙනස් විදිහට මෝහිණී නිර්මාණය වුණේ.

● මෝහිණී ගැන වින්ඩි මොකද කිව්වේ?

එයා තමයි මෝහිණී ගීතය මුලින්ම ඇහැව්වේ. ඒ ගීතයට ඇය මාර ආසයි.

● පසුගිය දවස්වල ඔබව ඇගයීමට පවා ලක්වුණා.

ඔව් ස්ලිම් කන්ටා පීපල්ස් අවෝර්ඩ් උළෙලේ අපිට හම්බවුණා ‘song of the Year’ කියන සම්මානය. මේ ලැබුණු සම්මානය ගැන ලොකු සතුටක් තිබෙනවා.

ජනතාවගේ කැමැත්ත සහ ආදරය සම්මානයක් විදිහට අපේ අතට ලැබුණා.

විවාහ ජීවිතය සුන්දරයි - සනුක වික්‍රමසිංහ

● විවාහයෙන් පසුව ලැබුණු පළමු සම්මානය. මොකක්ද ඒ ගැන හිතන්නේ?

හරිම සතුටුයි අපි දෙන්නටම. මම හිතනවා ඒක අපි දෙන්නටම ගොඩක් හොඳ මෝටිවේෂන් එකක් වුණා කියලා.

● බැන්දට පස්සෙ සනුක – වින්ඩිගේ ජනප්‍රියත්වය වැඩිවුණාද?

මම හිතන්නේ අපි ඇත්තටම ගොඩක් වෙලාවට අපි දෙන්නගේ අතර සම්බන්ධයක් තිබෙනවා කියලා සමාජ මාධ්‍ය හරහා වැඩිය ප්‍රචාරය කළේ නැහැ. ඉතිං නමුත් අපි දෙන්නගේ විවාහයත් එක්ක තමයි අපි ඇත්තටම ඒක සමාජ මාධ්‍යවලට මුදාහැරියේ ඒකත් එක්ක. අපි දෙන්නගේ රසික රසිකාවියෝ මේ ගැන කතාබහ කරන්න ගත්තා වගේම අයියෝ සාමී ගීතයට අපි දෙන්නම එකතු වුණ හින්දත් වින්ඩිගේ රසික රසිකාවියෝ මට ආදරය කරන්න ගත්ත වගේම මගේ රසික රසිකාවියෝ වින්ඩිට ආදරය කරන්න පටන් අරගෙන.

විවාහ ජීවිතය සුන්දරයි - සනුක වික්‍රමසිංහ

● අයියෝ සාමී සිංහල පරිවර්තනය ගැනත් කතා කළොත්?

ඇත්තටම සිංහල ගීතය තමයි අපි මුලින්ම නිර්මාණය කළේ. ඊට පස්සෙ තමයි මට අදහස ආවේ මේ ගීතය දමිළ හෝ හින්දි භාෂාවෙන් මේ ගීතය නිර්මාණය කරමු කියලා. අන්තිමේ පොතුවිල් අස්මින් සහෝදරයට කතා කරලා තමයි අයියෝ සාමි ගීතය ලියාගත්තේ. නමුත් අපි මුලින්ම මුදාහැරියේ දමිළ ගීතය. මාසයක් විතර කාලය ගත වෙනකොටම මට හිතුණා සිංහල ගීතයත් දැම්මා නම් හරි කියලා. අන්තිමේ ඒකත් ජනප්‍රිය වුණා.

විවාහ ජීවිතය සුන්දරයි - සනුක වික්‍රමසිංහ

 සනුකයි වින්ඩියි එකටම ද ප්‍රසංගවලට සහභාගි වෙන්නේ?

අපි දෙන්නාට ලැබෙන ආරාධනා අනුව එකටත් ප්‍රසංගවලට සහභාගි වෙනවා. නැතිනම් තනි තනිවමත් ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඇත්තටම දැන් දෙන්නටම එකට ප්‍රසංගවලට ආරාධනා කරනවා.

 කොහොමද විවාහ ජීවිතය?

විවාහ ජීවිතය හරිම ලස්සනයි. හරිම සුන්දර විදිහට ගලාගෙන යනවා.

● අලුත් සංගීත වැඩකටයුතු මොනවද?

මේ අවුරුද්දේ මගේ සහ වින්ඩිගේ බලාපොරොත්තු ගොන්නක් තිබෙනවා. නිර්මාණ රැසක් එළිදක්වන්න සූදානමින් ඉන්නේ.

● සනුකගෙන් වෙනස් වැඩක් රසිකයෝ ඉල්ලනවා කියලා හිතෙන්නේ නැතිද?

ඔව් ඇත්තටම කාලයක සිට ඉල්ලනවා. මම ටිකක් කාලය අරගෙන හිතලා බලලා වැඩක් කරන නිසා වෙන්න ඇති කාලයක් ගත වෙන්නේ. නමුත් මම පොරොන්දුවක් දැන්මම දෙන්නේ නැහැ. සුභ ආරංචි ටිකක් ඉදිරියේදී මට දෙන්න පුළුවන්.

 ඔබේ ජනප්‍රියත්වය එන්න එන්ම වැඩි වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඔව්. ඒක ඇත්තටම අපි ප්‍රසංගවලට යනකොට වගේම සමාජ මාධ්‍යවලට ගීතයක් මුදාහැරියම ලැබෙන ප්‍රතිචාරය අනුව දැනෙනවා. ජනප්‍රියත්වය ටිකෙන් ටික වැඩිවෙන බව දැනෙනවා. මම හිතන්නේ මොකක් හරි පිනක් වෙන්න ඇති. මම ඒකට ණයගැතියි. මම සතුටු වෙන්නෙ වගේම මම ජීවත්වෙන්නේ ඒකත් එක්ක. අලුත් නිර්මාණ කරන්න මම පෙළඹෙන්නේ රසිකයන්ගෙන් ලැබෙන ඒ ආදරය හින්දයි.

 සනුක ගීතයක් කරන්න සෑහෙන කාලයක් ගන්නේ ඇයි?

මම මුලින් සඳහන් කළා වගේ මම තෘප්තිමත් වුණොත් විතරයි මම ගීතයක් එළිදක්වන්නේ. මම එළිනොදක්වපු නිර්මාණය කරලා තිබෙන ගීත ගොන්නක් තිබෙනවා. ඒත් එක්කම මම සංගීතයේ විවිධ ශානර අධ්‍යයනය කරනවා. සමහර වෙලාවට මම ඒ ගැන දන්නේ නැතිනම් අන්තර්ජාලයෙන් හරි ඉගෙන ගෙන තමයි මම ඒ හැඩයේ ගීතයක් නිර්මාණය කරන්නේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: විවාහ ජීවිතය සුන්දරයි – සනුක Rating: 5 Reviewed By: webgossip24.com