728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 16, 2023

තුන් හැවිරිදි දැරිය හත්වැනි වරටත් බල්ලන් සපා කෑමෙන් රෝහලේ - මව හැර ගොසින් පියා දැරිය නිවසේ තනිකර කුළී වැඩට යනවා -


 අවුරුදු තුනක් (03) පමණ වයස් වූ දැරියක් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ හත් (07) වැනි වරටත් සුනඛයින් සපා කෑම නිසා බරපතළ ලෙස තුවාල ලබා බදුල්ල ඌව පළාත් මහ රෝහලට ප්‍රතිකාර පිණිස පැමිණි බව එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා 07 දා පැවැසීය.

මෙකී කනගාටුදායක තත්වයට මුහුණ පා සිටින්නේ පස්සර නමුණුකුළ කණවැරැල්ල වතුයායේ පදිංචි පිය සෙනෙහස ලබන මුත් මව් රැකවරණය අහිමි දැරියකි.

මව දිගු කලකට පෙර පියාත් දරුවාත් හැර ගොස් සිටියි. වෘත්තියෙන් කම්කරුවෙකු වන පියා තම දියණිය ලැයිම් පේළියේ පිහිටි නිවසේ සිටියදී දිනපතා රැකියාවට යන අතර නිවසේ තනි වන දැරිය අවට ගෙවල්වලට යාමටත් අසල්වාසී දරුවන් සමග සෙල්ලම් කිරීමටත් යන එන අතරතුර මෙම අනතුරුවලට ලක්වෙමින් සිටින්නීය.

බදුල්ල ඌව පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙම සංවේදී කරුණ සම්බන්ධයෙන් මෙසේ පැවැසීය.

මේ දරුවාට වයස අවුරුදු තුනයි. ඇයගේ හොඳම සුරතල් කාලය ගත කරමින් සිටින්නේ. හොද නරක නොතේරෙන කාලයේ මව ඇය තනිකර දමා ගිහින් තිබෙන බව පියා පවසනවා. බල්ලෝ හපනවා කියලා මේ දරුවාට අවබෝධයක් නැහැ. සමහර දරුවෝ බල්ලෝ අල්ලන්නත් ආස කරනවා.

දරුවාට නිසි රැකවරණ නොලැබෙන නිසා තමයි මේ විපත සිදුවෙලා තියෙන්නේ.

මේ දරුවාටත් නිසි රැකවරණයක් නැතිසේම නිසි මගපෙන්වීමක් නැහැ. නිසි පෝෂණයක් නැහැ. මානසික තත්ත්වය කෙබදු දැයි කියන්න බැහැ. අනපේක්ෂිත අනතුරුවලට ලක්වීමට පුළුවන්. ලිංගික අපහරණයට ලක්වීමට පුළුවන්. විවිධ අපචාරවලට ගොදුරු හැකියි.

දරුවා කියන්නේ හෙට දවසේ පුරවැසියෙක්. ශිෂ්ට සමාජයක් ලෙස මේ ගැන සොයා බලන්න ඕන. අදාළ ආයතන මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕන.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තුන් හැවිරිදි දැරිය හත්වැනි වරටත් බල්ලන් සපා කෑමෙන් රෝහලේ - මව හැර ගොසින් පියා දැරිය නිවසේ තනිකර කුළී වැඩට යනවා - Rating: 5 Reviewed By: webgossip24.com