728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, May 15, 2023

පිටකොටුවෙන් කාපු අයට තරු පෙනෙයි – කෑම හදන හැටි මෙන්න (VIDEO)

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කල පිටකොටුවේ ආපනශාලා කිහිපයකට ඊයේ පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරනු ලැබුවා.

ඊට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ද එක් වුණා.

ඇතැම් ආපනශාලා කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය යොදා ගනිමින් ආහාර පිළියෙල කර තිබූ අයුරු ද දක්නට ලැබුණා.

 එහිදී ව්‍යාපාරික ස්ථාන 15 ක තිබූ මිනිස් පරිභෝජනයට නුදුසුදු ආහාර තම බාරයට ගෙන විනාශ කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

කල් ඉකුත් වූ ඇසුරුම් කරන ලද ආහාර අලෙවිය සඳහා ළඟ තබා ගෙන සිටීම, කෘමී සතුන්ට සහ දුහුවිල්ලට නිරාවරණය වන පරිදි ආහාර අසුරා තබා ගෙන සිටීම,විවිධ ලේබල් අඩුපාඩු සහිත ආහාර අලෙවිය සඳහා ගබඩා කර තබා ගෙන සිටීම,ඇතුළු චෝදනාවන් යටතේ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පිටකොටුවෙන් කාපු අයට තරු පෙනෙයි – කෑම හදන හැටි මෙන්න (VIDEO) Rating: 5 Reviewed By: webgossip24.com