728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 19, 2023

යුක්රේනියානු නිරූපිකාව මහල් නිවාසයකදී කපා කොටා මැරූ පෙම්වතාව සුනඛ පැටවකු සොයාදෙයි - ජායාරූප


 යුක්රේනියානු ජාතික 24 හැවිරිදි අලොනා සැව්චේන්කෝ (Alona Savchenko) නමැති නිරූපිකාවක තායිලන්තයේ බැංකොක්හි සුඛෝපභෝගී මහල් නිවාසයක් තුළදී අමානුෂික ආකාරයට කියතකින් කපා මරාදමා තිබියදී සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඇගේ පෝලන්ත ජාතික පෙම්වතා බවට සාක්ෂි ලැබීමෙන් පසු රහස් පරීක්ෂක මෙහෙයමකින් පසු තායිලන්ත පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

සුප්‍රකට අයිකනයක් වන මැරිලින් මොන්රෝගේ ආභාසය ලබා ආකර්ෂණීය නව ඡායාරූප එකතුවක් නිසා පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වූ බව කියන මෙම නිරූපිකාව මේ ආකාරයට හදිසියේ මියයාම බොහෝ අයගේ කම්පනයට හේතුවී ඇත.

පසුගිය සඳුදා බැංකොක්හි Bang Kho Laem දිස්ත්‍රික්කයේ Key Sathorn-Charoenraj ගොඩනැගිල්ලේ දී තිබී ඇගේ මළ සිරුර හමුවූයේ අමානුෂික ලෙස  කියතකින් කපා කොටා විකෘති කර  තිබියදීය.ඇයගේ පෝලන්ත ව්‍යාපාරික පෙම්වතා වන 25 හැවිරිදි  Jan Jerzy Lagoda-Filippow මෙම ඝාතනය සිදුකර තිබුණි.

ඇයව ඝාතනය කළ පෙම්වතා සිරුරේ කොටස් වෙන් කර ඒවා මල්ලක ඔතා බැහැර කරන්නට උත්සාහ කර ඇතත් එය බැරිව ගිය නිසා පළාගොස් ඇති බවත් පරීක්ෂණයේදී කරුණු අනාවරණය විය.

ඝාතනයෙන් පසුව ඔහු කුලියට ගත් කුලී රථ රියදුරෙකුට ගූගල් ට්‍රාන්ස්ලේට් යෙදවුමක් ඔස්සේ පවසා ඇත්තේ තමාට මළ සිරුරක් ඉවත්කිරීමට උදව් කරන ලෙසයි. එය අසා බියට පත්වූ රියදුරු ඔහුට උදව් නොකර ඇතිවූ සැකය ගැන පොලිසිය දැනුවත් කළේය.

රියදුරුගේ ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ ගොඩනැගිලි කම්කරුවන් සහ පොලිසිය 32 වන මහලේ මෙම යුවළගේ මහල් නිවාස ඒකකයට ඇතුළු වූ අතර 24 හැවිරිදි නිරූපිකාවගේ සිරුර බ්ලැන්කට්ටුවක් යට සඟවා ඇඳක් මත ඝාතනය කර ඇති බව සොයා ගන්නා ලදී.

මුහුණේ ලේ තැවරී තිබූ කාන්තාවගේ පපුවට පිහියෙන් ඇන මරා දමා තිබූ බවත් ඇගේ අතත් මැණික් කටුවෙන් කපා වෙන්කර ඇති අයුරුත් බියගන්වන සුලු දසුන් බව පොලිසිය වාර්තා කර තිබුණි.

 සිරුර අසළ තිබී ලේ පැල්ලම් සහිත කියතක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.25 හැවිරිදි පෙම්වතා ඝාතනයෙන් පැය කිහිපයකට පසුව කාම්බෝජ දේශසීමාව හරහා පළා යාමට උත්සාහ කරද්දී පොලිසිය අල්ලා ගත්තේය.

සඳුදා පස්වරුවේ ගමන් මල්ලක් සමඟ ඝාතක පෙම්වතා සුඛෝපභෝගී නිවාස ගොඩනැගිල්ලෙන් පිටව යන ආකාරය සීසීටීවී දර්ශනවල දැක්වේ. එදින රාත්‍රියේ රේන්ජර් බළකායක් සමඟ පොලිස් නිලධාරීන් බැංකොක් සිට සැතපුම් 135 ක් පමණ දුරින් කාම්බෝජ දේශසීමාවේ ආරණ්‍යප්‍රතේට් දිස්ත්‍රික්කයේ රොන්ග් ක්ලූවා වෙළඳපොලේ මොහු සිටින බවට ලැබුණ තොරතුරු මත එහි ගොස් තිබූ අතර සෙනග පිරුණ ස්ථානයේ ඔහු සෙවීම අසීරු වූ බව කියැවෙයි. පොලිස් බල්ලෙකු වන ජූඩි නම් ලැබ්‍රඩෝ බලු පැටියෙක් යොදවා ඝාතකයා ආඝ්‍රාණය කිරීමට යෙදවූ අතර සංචාරක ඒජන්සියක් අසල ගල් මේසයක ඔහු වාඩිවී සිටියදී හසුවිය.

පොලිස් කපිතාන් Thavorn Boonpeng පැවසුවේ, ඝාතකයා අතේ වීසා බලපත්‍ර තිබූ බවත් ඔහු අසල්වැසි කාම්බෝජය බලා යන කුඩා වෑන් රථයකට ගොඩවීමට සූදානම්ව සිටි අවස්ථාවේ හසුවූ බවත්ය.25 හැවිරිදි පෙම්වතා එස්තෝනියානු සමාගමක අලෙවිකරණ විශේෂඥයෙකු ලෙස සේවය කළේය.

මියගිය සැව්චෙන්කෝ සහ ඇගේ පෙම්වතා අප්‍රේල් 29 වන දින බැංකොක්හි ඉහළ මට්ටමේ මහල් නිවාස ඒකකයකට පදිංචියට ආ අතර පසුගිය සිකුරාදා තරම් මෑතක දී ඔවුන් දෙදෙනා ශාලාවේ සිනාසෙමින් කතාබස් කරන සීසීටීවී නිරීක්ෂණ දැක්වේ.ඔවුන් අතර ගැටුමක් ඇතිවූයේ කවරක් නිසාද යන්න තවම අනාවරණයවී නැත.

සව්චෙන්කෝගේ දරුණු මරණයට පෙර මාස කිහිපය තුළ ගන්නා ලද ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ ඇය ලන්ඩන්, රෝමය, වැලෙන්සියා සහ ඉස්තාන්බුල්හි ආදී ලොව විවිධ මනරම් ස්ථානවල පෙනී සිටිමින් ඡායාරූප ලබාගෙන ඇති ආකාරයයි.

ඇය පසුගිය වසරේ යුක්රේනයේ Zaporizhzhia ජාතික විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ උපාධියක් ලබා ඇති අතර චීනයේ Guangdong මූල්‍ය විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ මාස තුනක පාඨමාලාවක්ද සම්පූර්ණ කර ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: යුක්රේනියානු නිරූපිකාව මහල් නිවාසයකදී කපා කොටා මැරූ පෙම්වතාව සුනඛ පැටවකු සොයාදෙයි - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com