728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 19, 2023

කිසිම දැනුම් දීමක් කර නැහැ.කෝල් කරපු මිතුරියත් නෑ - සිංගප්පුරුවේදී අවසන් ගමන් ගිය නදීකාගේ දේහය ලංකාවට


 සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටියදී මහල් නිවාස සංකීර්ණයක 8වන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත් වූ ලාංකික කාන්තාවගේ දේහය මෙරටට ගෙන ඒමට නියමිතයි.මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබුණේ දංකොටුව - මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිට විදෙස් ගත වූ 41 හැවිරිදි විවාහක කාන්තාවක්.

පසුගිය වසරේ නොවැම්බර් 18 වන දින කාර්යාංශයේ ලියාපදිංචිය ලබා එම සේවක මහත්මිය විදේශගතව ඇති  නමුත් විදේශගත වූ පසු ඇයගේ සේවා ස්ථානයේ ගැටළු පවතින බවට කාර්යාංශයට හෝ එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදු කර නොමැති බවත් කාර්යාංශය ප්‍රකාශ කරයි.

ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මිට පෙර ප්‍රකාශ කර ඇති බව සඳහන්.ඇය මහල් නිවසෙන් ඇඳ වැටෙන ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් එය අනතුරක්ද දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
තවද මේ  පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දුන් බව එම කාර්යාංශය පවසයි.

මෙම ඛේදනීය සිදුවීම දැනගත් වහාම ඒ පිළිබඳව සොයා බැලූ බවත් නදීකා දිල්හානි ප්‍රනාන්දු නමැති මියගොස් ඇති කාන්තාව ගේ මෘත දේහය මෙරටට ගෙන්විම සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමග අවශ්‍ය කටයුතු සිදුකර දේහය 2023/05/20 දින ගෙන්වීමට කටයුතු කරන බව පවසයි.

ප්‍රධාන පුවත් නාලිකා වල විකාශය වූ ඇය තම මිතුරියකට දුරකනයෙන්.  අමතන හඩ පටයක් තිබුනද ඒ මිතුරිය කවුද? ඇගේ මිතුරිය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හෝ  අඩුම තරමින් එරට පොලිසියවත් දැනුවත් නොකර ඇත.තවද ඇය සේවය කල ස්ථානයෙන් ඉදිරි මාස දෙකක පඩි මුදල් ගෙන ලංකාවට එවීමට එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කටයුතු කර ඇත

කෙසේ වුවද වාර්තා වී ඇති තොරතුරු පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් සිදුකර මේ පිලිබඳව අවශ්‍ය පියවර ගනුලබන බව කාර්යාංශය දැනුම් දෙයි.










  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කිසිම දැනුම් දීමක් කර නැහැ.කෝල් කරපු මිතුරියත් නෑ - සිංගප්පුරුවේදී අවසන් ගමන් ගිය නදීකාගේ දේහය ලංකාවට Rating: 5 Reviewed By: webgossip24.com