728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 14, 2023

කළුතර සැකකරුවෝ අධිකරණයට ගෙන එද්දී අද වුන දේ - ජායාරූප


 කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින  සැකකරුවෝ හතරදෙනා  අද (15) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබූහ.

දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවල, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස කටයුතු කල පුද්ගලයා  මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබිණී.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගොස් ඇති දැරියගේ මව ඇතුළු 100 කට ආසන්න පිරිසක් අධිකරණ භූමියෙන් පිටත ඉදිරිපිට ගාලුපාරේ පෙළගැසී දැරියට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා නිහඩ විරෝධතාවකද නියැලී සිටීයහ.

මියගිය දැරියට සාධාරණය  ඉටුකරනු, පොලිසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු, ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව  ගාලුපාරේ මීටර් 50 ක පමණ දුරකට පෙලගැසී සිටී විරෝධතාකරුවෝ නිහඩ විරෝධතාවේ නියැලී සිට මද වේලාවකට පසු විසිර ගියහ.

කළුතර නගරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දකින්නට ලැබිණි







  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කළුතර සැකකරුවෝ අධිකරණයට ගෙන එද්දී අද වුන දේ - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com