728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 11, 2023

දරුවන් 500කට අධික පිරිසකට පියෙකු වූ පුද්ගලයෙකුට අත් වූ ඉරණම


 තම ශුක්‍රාණු පරිත්‍යාග කිරීම හරහා දරුවන් විශාල සංඛ්‍යාවක් බිහි කිරීමට දායක වූ නෙදර්ලන්ත ජාතිකයෙකුට එරට අධිකරණයෙන් තහනමක් පනවා තිබෙනවා.

මෙම පුද්ගලයා මේ වනවිට සිය ශුක්‍රාණු පරිත්‍යාග කරමින් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාව 550කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දරුවන් බිහි කිරීම සඳහා ඔහු විසින් ලබාදෙන සහාය වහාම නවත්වන ලෙසට අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

41 හැවිරිදි ජොනතන් නමැති මෙම පුද්ගලයා යළිත් සිය ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට උත්සහා කරන්නේ නම් ඔහුට එරෙහිව යුරෝ 100,000ක නැතහොත් පවුම් 88,000ක දඩ මුදලක් පැනවිය හැකි බවටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම පුද්ගලයා දරුවන් 100කට අධික සංඛ්‍යාවකට පීතෘත්වය දී ඇති බවත් 2017 දී හෙළි තිබෙනවා.

මෙම හෙළි වීමෙන් අනතුරුව නෙදර්ලන්තයේ සාඵල්‍යතා සායනවලට ශුක්‍රාණු පරිත්‍යාගය තහනම් කර ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

එහෙත් ඔහුට එම තහනම පැනවුණ ද, ඔහු විදේශයන්හි හා අන්තර්ජාලය හරහා අවශ්‍ය පුද්ගලයින් වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවටත් හෙළිව තිබෙනවා.

මේ හේතුවෙන් හේග් අගනුවර අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ඔහු සිය ශුක්‍රාණු දුන් සියලුම සායනවල ලැයිස්තුවක් ලබාදෙන ලෙසත්, ඔහුගේ සියලුම පරිත්‍යාග ශුක්‍රාණු විනාශ කිරීමටත් කටයුතු කරන ලෙසයි.

මෙම පුද්ගලයා විසින් කාන්තාවන් බොහෝ ගණනක් නොමග යැවූ බවටත් හෙළිව තිබෙනවා.

ලන්දේසි සායනික මාර්ගෝපදේශවල සඳහන් වන්නේ ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු පවුල් 12ක දරුවන් 25කට වඩා පියා යන නාමය නොගත යුතු බවයි.

නමුත් 2007 වසරේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට පටන් ගත් දා සිට මේ පුද්ගලයා දරුවන් 550ත් 600ත් අතර ප්‍රමාණයක් බිහි කිරීමට උදව් කර ඇති බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළා.

මේ හේතුවෙනුයි අදාළ තහනම් නියෝගය අධිකරණය විසින් නිකුත් කර ඇත්තේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දරුවන් 500කට අධික පිරිසකට පියෙකු වූ පුද්ගලයෙකුට අත් වූ ඉරණම Rating: 5 Reviewed By: webgossip24.com