728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 12, 2023

උමතු කාම පිපාසිතයෙක් නිසා තවත් තරුණියකට අකාලයේ ජීවිතය අහිමි වෙයි


 ගම්පෙළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ දී පසුගිය 7 වැනි දා අතුරුදහන් වූ 22 හැවිරිදි  ෆාතිමා මූනවුවරා නමැති තරුණිය ඝාතනය කොට ඇල්පිටිය ප්‍රදේශයේ පොල්වත්තක වලදමා ඇතැයි කියන ස්ථානය ගම්පොළ පොලිසිය විසින් අද සොයාගත්තාය.

සිය නිවසේ සිට සේවා ස්ථානයට පා ගමනින්  ගමන් කරමින් සිටියදි නිවසේ සිට මීටර් 100ක දුරකදී එම තරුණිය අතුරුදහන් වූ බවට ගම්පොළ පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් එළුවන් බලන තරුණයක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තරුණිය ඝාතනය කර ඇති බවට තොරතුරු හෙළි වූ බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම තරුණිය ඝාතනය කර වලදමා ඇති බවට කියන ස්ථානය අසන්නයේ ළඳුකාලෑවේ තිබී  තරුණියගේ සෙරප්පුවක් හා වතුර බෝතලයක් කුඩයක කොටසක් සොයාගත් බව පොලිසිය කියයි. 

ඇයට බලහතකාරකම් කිරීමට උත්සහ කළ අවස්ථාවේ ඇය ප්‍රතික්ෂේප කිරීම නිසා  ඇය කැලෑ බද ප්‍රදේශයකට ඇදගෙන ගොස් මරා වළ දැමූ බවට අත්අඩංගුවට ගත් එම තරුණයා පවසා ඇතැයි පොලිසිය කියයි.

ගම්පොළ ඔස්සලක සේවය කරන මෙම තරුණිය ඉකුත් 7 වැනි අතුරුදහන්වී තිබුණි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: උමතු කාම පිපාසිතයෙක් නිසා තවත් තරුණියකට අකාලයේ ජීවිතය අහිමි වෙයි Rating: 5 Reviewed By: webgossip24.com