728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 4, 2023

මට වාසනාව ගෙනත් දුන්නේ පිරිමි ගොඩක් ආස කරන කාන්තාවකට තිබියම යුතු මේ දේ නිසයි - සඳනි ප්‍රනාන්දු


තමා රංගනයෙන් දායක වන හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයාගේ මනසේ රැඳෙනවා කියන්නේ එය ඇගේ හෝ ඔහුගේ දක්ෂතාවය. සඳනි ප්‍රනාන්දු මුලින්ම රඟපෑ හාර කෝටියේ රශ්මිගේ චරිතය තාමත් හැමෝටම මතකයි. ඒ වගේම මේ දිනවල අග්නි පියාපත්හි මාධවීගේ චරිතයත් බොහෝ දෙනාගේ කැමැත්ත දිනාගෙන තියෙනවා.

බිරිඳක්, මවක්, ලෙස රඟන ඇගේ ජීවිතයට මොහොතක් ළංවුණේ ඔබේ කැමැත්ත නිසාමයි.‘‘අග්නි පියාපත්හි මාධවී කියන්නේ මගේ පස්වෙනි චරිතය. මවක්, බිරිඳක් ලෙස අත්දැකීමක් නැති නිසාමයි මේ චරිතය කැමැත්තෙන්ම භාරගත්තේ. මොකද අභියෝගයක් තියෙනකොට රඟපාන්න හරිම ලේසියි. කොහොමත් මම හැමදාම ජීවිතේ අභියෝග එක්ක ගත කරපු කෙනෙක්. මාරවිල ඉපදිලා නිගම්බු සවුත් ඉන්ටර්නැෂනල් එකේ ඉගෙන ගන්න කාලේ කවදාවත් නිළියක් වෙයි කියලා හිතුවේ නැහැ.





උසස් පෙළට කළමනාකරණ විෂයත් තෝරාගත්තේ කවදා හරි රස්සාවක් කරන්න කියලා හිතාගෙන. නමුත් 2017 අවුරුද්දේ මගේ ජීවිතේ හැම දෙයක්ම කණපිට පෙරලුණේ මමවත් නොහිතපු විදිහට.ඒ අවුරුද්දේ අයි.ටී.එන්. අවුරුදු කුමාරි තරගයට මම ඇප්ලිකේෂන් එකක් දැම්මේ ඇයි කියලා මටවත් හිතාගන්න බැහැ. එතනින් නවතින්නේ නැතුව ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරිට ඉල්ලුම් කළේ කලාවට තිබුණ දැඩි කැමැත්ත නිසාම වෙන්න ඇති.

මගේ ඉගෙනීමේ කටයුතු එතනින් තාවකාලිකව නතර කරන්න සිද්ධ වුණා. අපේ පවුලෙත් කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් උන්නේ නැහැ. පුංචි කාලේ අම්මා කියන හැටියට මට පුදුම දාංගලයක් තිබිලා තියෙනවා. නමුත් දවසින් දවස මම මුහුකුරා එනකොට බොහෝම නිහඬ චරිතයක් බවට පත්වෙලා.මා දිහා බලන සමහරු මගේ නිහඬ බව නිසාම මම මහ ගුප්ත කෙනෙක් කියලත් කියනවා.

නමුත් මම ගුප්ත නැහැ. ක්​ෂේත්‍රයට ආපු දවසේ ඉඳලම බොහෝම ඉවසීමෙන් මම ඒ දිහා බලාගෙන ඉන්නවා. හොඳින් අධ්‍යයනය කරනවා. මම රංගනය පැත්තට යොමු වෙනකොට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ නිසාම වෙන්න ඇති මම ඉස්සරහට තල්ලු වුණේ.විවහා වෙන්න නම් තාම අදහසක් නෑ තම මට 23 නේ සමහරු එහෙම කිඋවහම පුදුම වෙනවා. මුලින්ම කැමරාවට මුහුණ දුන්න දවස තාමත් මතකයි.

හාරකෝටිය රශ්මිගේ චරිතය. රශ්මි ඩාන්සින් ක්ලාස් එකේ ඉන්නවා තමා මුලින්ම රූපගත කළේ. මුලින්ම මෙය ආගන්තුක බවක් ගෙනාවත් ඉතා ඉක්මනින්ම චරිතයට හුරුවෙන්න මට අවස්ථාව ලැබුණේ මගේ කැපවීම නිසාමයි. ඊට පස්සේ රංගනය ඉගෙන ගන්න ඕනේ කියන එක මට දැනුණා. මොකද වෘත්තියක් හැටියට මම රංගනය තෝරාගන්නවා නම් ඒ ගැන දැනුවත් වීම හරිම වැදගත් නිසා. රඟපාපු හැම අවස්ථාවකම මට දශමයක් හරි උඩට යන්න අවස්ථාව ලැබුණා.

ඒ හැම වෙලාවෙම මට හිතුණේ මම ඉපදිලා තියෙන්නේ කලාව වෙනුවෙන්මයි කියලා. බොහෝ අය මගෙන් අහනවා කලාව වෘත්තියක් කරගෙන මේක ඇතුළේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. හරියට වැඩ කරනවා නම් ජීවත් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ හොඳ රංගන ශිල්පීන් අතරේ තරගකාරීත්වයක් තියෙනවා. ඒ තරගකාරී බව ඇතුළේ හරියට ගියොත් තමා හොඳ චරිත ලැබෙන්නේ.

වෘත්තීය නිළිය කියන සීමාව ඇතුළේ අපි අපේ රංගනය බාල්දු කරගන්න හොඳ නැහැ. ලැබෙන හැම චරිතයක්ම භාරගැනීම නෙමේ වෘත්තීය නිළිය කියන්නේ. ප්‍රේක්ෂකයාගේ මනසට බලපෑමක් කළ හැකි චරිතයි කරන්න ඕන. මම හැම වෙලාවේම එය කරන්න උත්සාහ කරනවා. අවසාන වශයෙන් රංගනයෙන් මට මේ තරම් දුරක් එන්න වාසනාව ලැබුනේ තමන්ගේ පෙනුම නිසා කියලා.ඒ වගේම මට  පිහිටලා තියන ලස්සන කර්ල් කොණ්ඩෙ නිසා තමන්ට මේ තරම් දුරක් රංගන ක්ෂේත්‍රයේ එන්න පුළුවන් වුනා කියලා මම හිතනවා.මගේ මේ කර්ල් කොණ්ඩෙට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ ගොඩාක් ඉන්නවා කියලාත් මම දන්නවා

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මට වාසනාව ගෙනත් දුන්නේ පිරිමි ගොඩක් ආස කරන කාන්තාවකට තිබියම යුතු මේ දේ නිසයි - සඳනි ප්‍රනාන්දු Rating: 5 Reviewed By: webgossip24.com