728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, May 15, 2023

වහාම මේ අයගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නැයි පොලිසියට දැනුම්දෙයි


 මේ දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින බව ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිළි කර තිබේ.

එම නිසා කිරිගව සොරකම් වැළැක්වීම සම්බන්ධව සාකච්ඡාවක් පසුගිය සතියේ  කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ සහ පොලිසියේ ඉහළ නිලධාරින් කිහිප දෙනෙක් ද සහභාගි වූහ.

සෑම දිනකම පාහේ  එක් දිස්ත්‍රික්කයකින් අඩුම තරමින් කිරි ගව සොරකම් පහක් හෝ හයක් සම්බන්ධව පොලිස් ස්ථානවලට පැමිණිළි ලැබෙන බව පොලිස් නිලධාරිහු පෙන්වා දුන්හ. එමෙන්ම ඇතැම් අවස්ථාවල ගව හොරුන් අත් අඩංගුවට ගන්නා බවත්, මෙම ගව සොරුන් වැඩි පීරිසක් සුඛෝපභොගි වාහන යොදා ගනිමින් කිරි ගවයින් සොරකම් කරන බවට හෙළිදරව් වී ඇතැයි ද පොලිස් නිලධාරිහු පැවසූහ.

කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති  පැමිණිළි පරිදි  දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් මෙසේ සොරකම් කරන බවත් අඩුම තරමින්  එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35ක් පමණ සොරකම් කරන බවත් ගොවි නියෝජිතයින් අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති බව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මින් දශක දෙක තුනකට  පෙර ගව සොරුන්ට දැඩි දඩුවම් ලබා දීමට පොලිසිය කටයුතු කරන ලද බවත් නමුත් මේ වනවිට දඩුවම් ලිහිල් කර ඇත්නම් නැවතත් දඩුවම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යෝජනා හා නීතිමය සංශෝධන ඉදීරිපත් කරන්නැයි ද දැනුම් දුන්නේය.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා ගව සොරුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය දහරාවන්  ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලිමක් කළේය.

මේ වනවිට ඇතැම් දිස්ත්‍රික්කවල ගවගාල්වල CCTV කැමරා පවා සවි කර තිබෙන අතර ඇතැම් ගවගාල්වල ගවයින්ට දම්වැල් හා ඉබි යතුරු පවා දමා ගවයින් ආරක්ෂා කර ගන්නා තරමට කිරි ගව සොරකම ඉහළ ගොස් ඇති බවත්, මෙම සතුන් මස් සඳහා අලෙවි කරන අතරම මේ නිසා අනාගතයේ දී කිරි  නිෂ්පාදනයේ ගැටලු සහගත තත්ත්වයක් පවා ඇතිවීමට ඉඩ ඇති බවත් පශු අංශ අවධාරණය කළේය.

මේ නිසා කිරිගව සොරකම් වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී කාලයේ සිදු කරන මුර සංචාර වැඩි කරන ලෙසත්, ගව සොරුන් පැමිණෙන අවස්ථාවල වහාම පොලිසියට දැනුම් දීමේ වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලිමක් කළේය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වහාම මේ අයගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නැයි පොලිසියට දැනුම්දෙයි Rating: 5 Reviewed By: webgossip24.com