728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 30, 2023

කාත් එක්කවත් තරහ නෑ.චෝදනා කළ අය එක්ක සතුටින් වැඩ කරන්න සූදානම් - වෛද්‍ය ෂාෆි - ජායාරූප

 සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපීය නාල අවහිර කර මව්වරුන් වඳභාවයට පත්කළේයැ යි චෝදනා ලැබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් පිළිබඳ කතාබහක් යළි ත් නිර්මාණය වී තිබේ.

ඒ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ මාධ්‍යවල පළ කිරීම ත් සමග ය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම් එල්.ඒ. කළුකපුආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, 'වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතාට එරෙහිව පැවති විනය කටයුතු අවසන් කිරීමට සහ නිලධාරියා වහා ම ක්‍රියාත්මක වන පරිදි නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතට අනුයුක්ත කිරීමට නියෝග කරන,' බව ය.

ඉහත කී නියෝගය අනුව වෛද්‍ය ෂාෆි වහා ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත අනුයුක්ත කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම්වරියකට උපදෙස් දුන් බව මේ වන විට සෞඛ්‍ය සමුළුවක් සදහා විදෙස් සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පැවසීය.




  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කාත් එක්කවත් තරහ නෑ.චෝදනා කළ අය එක්ක සතුටින් වැඩ කරන්න සූදානම් - වෛද්‍ය ෂාෆි - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com