728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 16, 2023

මට තවම අවුරුදු විසි දෙකයි.මගේ ලොකු ම ආසාව වුණේ ගුවන් සේවිකාවක් වෙන එක.මං වරායේ වැඩ කලා


 මේ දවස් වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ජානු ටෙලි නිර්මාණය හරහා කරළියට ආපු නවක රංගන ශිල්පිනියක් තමයි කවිහාරි කියන්නේ.ඇත්තටම ඒ කලාවට ආධුනික රංගන ශිල්පිනියක් නිසා ගොඩක් දෙනෙක් මේ දවස් වල ඇය ගැන හොයනවා.

නුවර ප්‍රදේශය හැදී වැඩෙන කවිහාරි ඇය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ ලොකුම ආසාව වුණේ ගුවන් සේවිකාවක් වෙන්න උසස් පෙළට ලිව්වෙ වාණිජ අංශයෙන්.ඉන් පස්සෙ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළා.ඒ අතරවාරේ දි තමයි fashion model කෙනෙක් විදිහට කටයුතු කරන්න පටන් ගත්තේ.ඊට පස්සේ ජානු  ටෙලිනාට්‍යයේ රඟපාන්න ආරාධනා ආවා.ඒලවල් ඉවර උනාට  පස්සේ වරාය රැකියාවට එකතු වූණා.”

හැබැයි ඇය මේ රැකියාවටත් සමුදීලා තමයි කලාවත් එක්ක එකතු වුණේ.කවි හාර කියන විදියට රඟපාන නම් ඇයට ආසාවක් තිබිලා නැහැ.කොහොම නමුත් ඇයගේ ඡායාරූප දැකලා ලැබුණු මේ ආරාධනාව ඇය ප්‍රතික්ෂේප කළේ නැහැ.මේ වෙද්දි කවිකාරිට වයස අවුරුදු විසි දෙකයි.කලාව තුළින් සාර්ථකව ඉදිරියටත් හොඳ නිර්මාණත් එක්ක එකතුවෙලා ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

ඉතින් ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මට තවම අවුරුදු විසි දෙකයි.මගේ ලොකු ම ආසාව වුණේ ගුවන් සේවිකාවක් වෙන එක.මං වරායේ වැඩ කලා Rating: 5 Reviewed By: webgossip24.com