728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 9, 2023

දික්කසාද බිරිය අනියම් බිරියගේ බෙල්ල කපලා


 පාදුක්ක වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙදරේරැවෙකු සමග ජීවත් වූ ඔහුගේ අනියම් බිරිය කියනු ලබන කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර පලා යමින් සිටි එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ප්‍රදේශවාසීන් ගේ සහය ඇතිව අද (09) දහවල් අල්ලා අත් අඩංගුවට ගත් බව  මීගොඩ පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකාරිය අදාල පෙදරේරුවා ගේ දික්කාසද බිරිද බවත් අනෙක් සැකකරැ එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් පොලිසිය පවසයි.

එම සැකකාරිය පෙදරේරැවා සමගින් දික්කසාද වී වසර තුනක් පමණ ගතවන බවත් ඒ නිසාවෙන් මෙලෙස වෙනත් කාන්තාවක් සමග ජීවත් වූ බවත් එම පෙදරේරුවා ලබා දුන් සාක්ෂි වල සටහන් බවද පොලිසිය පවසයි.

පෙදරේරුවා අද  (09) උදෑසන රාජකාරි කටයුත්තක් සදහා නිවසින් පිටත්ව ගිය පසු ඝාතනය සිදුකල සැකකාරිය සහ සැකකරැ එම නිවසට පැමිණ ඝාතනයට ලක් වූ කාන්තාවට කතා කර නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පලා ගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වූ බවද  පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වලස්මුල්ල කටුවන අළුපොත්දෙනිය  ප්‍රදේශයේ පදිංචි වැන්දඹුවක් වන 52 හැවිරිදි කාන්තාවකි
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දික්කසාද බිරිය අනියම් බිරියගේ බෙල්ල කපලා Rating: 5 Reviewed By: webgossip24.com