728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 7, 2023

වායුගෝලය කැළඹෙන්න ගනී! - දිස්ත්‍රික්ක 05ක් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරයි


 ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ  යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

එම නිවේදනය හෙට (08) පස්වරු 3 දක්වා බලපැවැත්වේ.

මේ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වී ඇත.

එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිසා උතුරු අක්ෂාංශ 5 - 10ත් අතර, නැගෙනහිර දේශාංශ 90 - 100ත් අතර සහ උතුරු අක්ෂාංශ 1 - 4ත් සහ නැගෙනහිර දේශාංශ 85 - 92ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.

ඒ අනුව එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම,නාගොඩ, ඇල්පිටිය සහ යක්කලමුල්ල ප්‍රදේශ සඳහා මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව ප්‍රදේශ සඳහා ද නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් රිදීගම මාවතගම අලව්ව සහ පොල්ගහවෙළ ප්‍රදේශවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ ප්‍රදේශවලටත් නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වායුගෝලය කැළඹෙන්න ගනී! - දිස්ත්‍රික්ක 05ක් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරයි Rating: 5 Reviewed By: webgossip24.com