728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 12, 2023

කළුතර දැරිය රු.20000කට විකුනලා? අන්තිම ඇමතුම පබාරගෙන් - කරුණු රැසක් හෙළිවෙයි


 කළුතර දකුණ සිරිකුරුස හන්දියේ ළැගුම්හලක ඉහළ මාලයක සිට වැටී මියගිය 16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධ පරීක්ෂණය මේ වනවිට පැති දෙකක් ඔස්සේ වඩාත් පුළුල් ලෙස විමර්ශනයට ලක්වන බව පොලිස් යාවත්කාලකිරීම් මගින් හෙලිකර තිබේ.

එකක් වන්නේ දැරියට ආ අවසන් ඇමතුමයි. අනෙක වන්නේ සිසුවියගේ සිරුරේ සීරීම් තුවාල සමග ධනුෂ්ක නමැති සැකකරුගේ ඇති සම්බන්ධයයි.

මීට පෙර සිසුවියට අවසන් ඇමතුම දුන් අය අතර ටියුෂන් ගුරුවරයෙකු සිටි බවට කරුණු අනාවරණයවූ නමුත් ඔහු සිද්ධිය වූ දිනයේ දැරියගේ හැසිරීම් සම්බන්ධ බලපෑමක් කළ අයෙකු නොවන බව පොලිසිය පවසයි. 

කෙසේ වෙතත් සිසුවියට අවසාන ඇමතුම් දුන් අනෙක් අංකයක් සොයා යාමේදී හෙළිවන්නේ එසේ ඇමතුම දී ඇත්තේ පබාරා නමැති හෝටලයට ඇය කැඳවා ආ යෙහෙළිය බවයි.

මියගිය බව කියන 16 හැවිරිදි සිසුවියව, සිද්ධියේ ප්‍රධාන සැකකරුවාට මුදලට අලෙවිකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.


මියගිය සිසුවියව සිද්ධියේ ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 ක මුදලකට අලෙවි කිරීමට සිසුවිය සමග ලැගුම්හලට ගිය තරුණියගේ පෙම්වතා යෝජනා කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.


ඒ අනුව ප්‍රධාන සැකකරු එම මුදලින් කොටසක් ඔහු වෙත ලබාදී ඇති බවට සැකසහිත බවත් ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.


අවසන් ඇමතුමේදී සිසුවිය කුපිත වූ බවත් 'කැත වැඩ කරන්න එපා යකෝ' ලෙස බැණ වැදුණ බවත් බ්ලැක්මේල් කිරීමකට සමාන දෙයක් සිදුව ඇතැයි හැඟුණ බවත් ධනුෂ්ක නමැති සැකකරු පවසා ඇති අතර ඔහු කියන්නේ සත්‍යයක් නම් සිසුවිය කාමරයකට ආ කතාව දන්නා අයෙකු මෙසේ කතා කරන බවට අනුමානයක් ඇතිවේ. කතාවේ හැටියට ඒ ගැන දන්නේ පබාරා පමණි.

එම ඇමතුමේදී සිසුවිය හා පබාරා අතර කවර සංවාදයක් ඇතිවුනේද යන්න දන්නේ ඒ දෙන්නා පමණි. දැනටමත් පබාරා අත්අඩංගුවේ පසුවන නිසා ඇගෙන් ඒ ගැන තවදුරටත් විමසන්නට පොලිසිය කටයුතු කරනු ඇත.

පබාරා ගැන සැකය තවත් වැඩි වන්නේ සිසුවිය ධනුෂ්ක සමග තනිකරදමා ඇය පෙම්වතා සමග හෝටලයෙන් පිටට යාමත් සිසුවිය හදිසියේ මරණයට පත්වූ පසු ඇයත් පෙම්වතාත් සිසුවියගේ දුරකථනය කළු ගඟට විසිකර ඇමතුම් තොරතුරු වසන් කරන්නට දැරූ ප්‍රයත්නයත් නිසාය.

එම ඇමතුම නිසා බීමත්ව සිටි සිසුවිය කලබලයට පත්ව ජනේලයෙන් පැන්නාද යන්න ගැන තවම ඇත්තේ සැකයකි.

මේ අතර 19 හැවිරිදි වියේ පසුවන පබාරා පාසල් ගමන අතරමග නතරකර ඇත්තේ නොයෙකුත් විනය විරෝධි ක්‍රියාවන්වලට සම්බන්ධ දඩුවම් ලැබුණ කෙනෙකු නිසා බවටද පොලිසිය තොරතුරු වාර්තා කර තිබේ. 

ඇය ඉන්පසු පෙම්වතෙකු හා හෝටල්වලට යාම පුරුද්දක් කරගෙන සිටි බවටද පැවසෙන අතර සිසුවියගේ මව චෝදනා කළ පරිදි සිසුවිය 'කාමාතුරයෙකුට මුදලට විකිණීමට' පබාරා කටයුතු කර ඇතිද යන්න ගැන සැකයක් පැනනගී.

 19 හැවිරිදි එම සැකකාරිනිය මේ වන විටත් බන්ධනාගාර ගත කර තිබේ.ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී තව තොරතුරු අනාවරණය වනු ඇත.

දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ප්‍රධාන සැකකරු ධනුෂ්ක ගයාන් සහබන්දුට අයත් රුපියල් 94,000ක මුදලක්, බැංකු කාඩ්පත් සහ නිවෙසේ යතුර භාරයට ගෙන ඇති බව විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියා තිබූ අතර එම දෑ ඊයේ උදෑසන වන විටත් භාර දී නැති බැවින් නිවෙසේ ඇති කරන සුනඛයන්ද නිරාහාරව සිටින බව සඳහන් කළ විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු වෙත එම දැ භාර දෙන ලෙස පොලිසියට නියෝග කරන ලෙසය.

එසේම නීතිඥ මහතා ඉල්ලා සිටියේ සැකකරු හෘදය රෝගයෙන් පෙළෙන බැවින් බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසයි.

දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත්, එය සැකකරුගේ දත් පහරවල්ද යන්න පරීක්ෂා කිරීම සඳහා වෝහාරික වෛද්‍යවරයකු හමුවට පැමිණවීමට අවසර දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය එකඟ විය.

ඒ අනුව සිසුවියගේ සිරුරේ දත් පහරවල් අනුව ඇයට පැවති අතවර උත්සාහය හෝ ඝාතන තැත සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමටද ඉඩ ඇත.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කළුතර දැරිය රු.20000කට විකුනලා? අන්තිම ඇමතුම පබාරගෙන් - කරුණු රැසක් හෙළිවෙයි Rating: 5 Reviewed By: webgossip24.com