728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 18, 2023

15 හැවිරිදි තලාවේ සිසුවාගේ ජීවිතය බිලිගත් මෝටර් රථය පැහැර ගත් එකක්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ යුවලක් කරපු හොරකමක්

 


අනුරාධපුර, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දී උපකාරක පන්තියක් නිමවී පාපැදියෙන් නිවස වෙත යමින් සිටියදී මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත් වූ 15 හැ විරිදි සිසුවා අනතුරට ලක් වූ මෝටර් රථය

පැහැරගත් රථයක් බවට තහවුරු වී ඇතැ යි ඉපලෝගම පොලීසිය පවසයි.මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණ අඹුසැමි යුවලක් විසින් මෙම මෝටර් රථය පැහැර ගැනීම සිදු

කර ඇති අතර, පැහැර ගැනීම සිදු කළ තරු ණයා විසින් මෝටර් රථය රැගෙන පළා යමින් සිටියදී මෙම අනතුර සිදු ව තිබිණි.WP-CAF- 4367 දරණ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය මෙ ලෙස පැහැර ගැනීමට ලක්වූ බවට ඇන්ටනා

කාර්මික ශිල්පියකු විසින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට ඊයේ (16) පැ මිණිල්ලක් සිදු කර ඇත.

අනුරාධපුරයේ පදිංචි රූපවාහිනි ඇන්ටනා සවි කරන පුද්ගලයා ට ඊයේ (16) පෙරවරුවේ ඇමතුමක් ලබා දුන් කාන්තාවක තම නිවසේ ඇන්ටනා වක් සවි කිරීමට ඇති බව පවසා පැ මිණෙන ලෙසට ඇමතුමක්ලබා දී ඇති අතර, ඒ අනුව තමන් අනුරාධපුර, යාපනය හංදිය ප්‍රදේශයට පස්වරු 4.00 ත්, 4.30 ත් අතර
කාළයේ ගොස් එම කාන්තාවගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ ඒ අසල ඇති අතුරු මාර්ගයකට පැමිණෙ න ලෙස ඇමතුමක් ලබා දුන් බවත්, ඒ අනුව අතුරු මාර්ගයට මෝටර් රථයෙන්ගමන් කළ අවස්ථා වේ දී, තරු ණ යුවලක් මෝටර් රථය තුලට ගොඩවී තරු ණිය විසින් තමාගේ ජංගමදුරකථනය හා තමන් සතුව තිබූ රු පියල් 3500 ක මුදලක් පැහැර ගත් බවත්, තරුණයා විසින් තමාගේ බෙල්ලට තියුණු ආයුධයක් තබා මුදල් ඉල්ලා සිටි බවත්, ඒ අවස්ථා වේ තමන් සතුව රුපියල් 55 000 ක මුදල් තිබූ නමුත් එය නොදීම කටයුතු කළ බැවින්, තමාගේ අතට සුළු කැපීමක් සිදුකළ බවත්, තමන් සතු මුදල් පැහැර ගනීයයි බිය වී මෝටර් රථයෙන් බැස, දිව ගොස් සහය ඉල්ලා කෑගැසූ බවත්, ඒ අවස්ථාවේදී තරුණයා විසින් මෝටර් රථය මංකොල්ලකා පැහැරගෙන ගිය බවටත්, ඒසමඟ පැ මිණි තරු ණිය පළා ගිය බවත්, අනුරාධපුර කඩ 30 ප්‍රදේශයේ පදිංචි ඇන්ටනා කා ර්මික
ශිල්පියා අනුරාධපුර පො ලීසියට කළ පැමිණිල්ලෙහි සඳහන්ව ඇත.

අදාළ මෝටර් රථය අනුරාධපුර යාපනය හංදියෙන් පැහැරගෙන තලාව, එප්පාවල හරහා කැකිරාවදෙසට ධාවනය කරමින් සිටියදී මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.පළා ගිය 22 හැවිරිදි තරුණියද, මෝටර් රථය පැහැර ගැනීමට ලක් වූ අතුරු මාර්ගයේම තාවකාලිකව
පදිංචිවී සිටි නිවසේ දී ඊයේ (16) පස්වරු වේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.අත්අඩංගුවට ගත් තරු ණිය හා තරුණයා අඹුසැමියන් බවත් ඔවුන් තදින් මත්ද්‍රව්‍ය භාවිතයට
ඇබ්බැහි වූ පුද්ගලයින් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.


මෙම මෝටර් රථය පැහැර ගෙන යමින් තිබියදී ඉපලෝගම පොලිස් වසමේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දී උපකාරක පන්ති නිමවී පාපැදියෙන් නිවස බලා යමින් සිටි පහලොස් හැවිරිදි පාසැල්
සිසුවකුගේ ගැටීමෙන් එම සිසුවා එම ස්ථානයේ දීම ඊයේ (16) පස්වරුවේ ජීවීතක්ෂයට පත්ව ඇත.

කැකිරාව - එප්පාවල ප්‍රධාන මාර්ගයේ මහඉලුප්පල්ලම ප්‍රදේ ශයේ දී සිදු වූ අනතුරින්මෙ ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුප්පල්ලම කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිං චි කැකිරා ව මධ්‍ය විද්‍යාලයේ 10 වැ නි ශ්‍රේ ණියේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙනුම ලබන පුෂ්පික කසුන්ත සමරතුංග නම් 15 හැවිරිදි සිසුවෙකි.

මහඉලුප්පල්ලම ප්‍රදේශයේම පවතින තොරතුරු තාක්ෂණ විෂයට අදාළ උපකාරක පන්තියක් පස්වරු 5.00 ට පමණ නිමවී නිවසට තමන්ගේ පාපැදියෙන් පැමිණෙමින් සිටියදී පස්වරු 5.30 ට පමණ සිදු වූ අනතුරින් මෙ ම සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට ලක්ව ඇත. එම සිසුවා ගේ නිවසට මීටර 500 ක පමණ දුරින් මෙම අනතුර සිදුව තිබිණි.

සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය, සිසුවාගේද ගැටී මාර්ගයෙන් ඉවතට පැ ණ පෙරලීගො ස්,අසල තිබූ දුරකථන කණුවකද ගැටී නතර වී තිබිණි.අනතුරින් පා පැ දියට මෙන්ම මෝටර් රථයටද දැ ඩිඅලාභ හානී සිදුව තිබිණි.

අනතුරින් පසු සිසුවා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. අනතුරට ලක් වූ මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා සිටි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රථිකාර සඳහා කළා වැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවත්, ඔහුගේ තත්වය බරපතල නොවන බවත්, ඔහු බීමතින් සිටියා දැයි පරික්ෂා කිරීමට රැධිර සාම්පල ලබා ගත් බවද ඉපලෝගම පොලිස් ස්ථානයේ උසස් නිළධා රියකු පැ වසීය.

අනතුරට පත් මෝටර් රථය ඒ අවස්ථා වේ පැහැරගෙන යමින් සිටි, තිහදි ගමගේ සචින් මධුසඛ නම්විසි පස් හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිය අනතුරක් සිදු කර මරණයක් සිදු කිරීමේ චෝ දනා ව යටතේ එළැඹෙන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැකිරාව මහේස්ත්‍රාත්තුමන් නියෝග කර ඇත. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 15 හැවිරිදි තලාවේ සිසුවාගේ ජීවිතය බිලිගත් මෝටර් රථය පැහැර ගත් එකක්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ යුවලක් කරපු හොරකමක් Rating: 5 Reviewed By: webgossip24.com