728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 2, 2023

මම මේ වෙනකොට ලිවින් ටුගෙදර් ඉන්නේ...

 


ජනප්‍රිය මියුසික් වීඩියෝ හරහා අපේ රටේ ජනප්‍රියත්වයට පත්වන නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් තමයි මියැසි සන්දීපනී කියන්නේ.විශේෂයෙන්ම ඇය අනුශ්ක උදානගේ සංගීත වීඩියෝ හරහා තවත් බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වුණා.

ඇය මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය හරහා අපේ ආලින්දයට එනවා. ඉතින් පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ ඇය තම අතීතය මේ විදිහට මතක් කර තිබුණා. 

“මම පොඩි කාලේ ඉඳන් ගොඩක් තනියම හැදුනේ.මගේ අම්මා රට ගිහින් හිටියේ.මං ගොඩක් පොඩි කාලෙදි තමයි අම්මා රට ගියේ.මම එතකොට හැදුනේ වැඩුනේ අම්මගෙ අක්කා එක්ක.

මම එයා තමයි මගේ අම්මා කියලා හිතාගෙන හිටියේ.මම හිතාගෙන හිටියේ මට අම්මලා දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ ලොකු කෙනෙක් අම්මා අනිත් එක්කෙනා අත්තම්මා. 

 පස්සෙ මම තේරුම් ගත්ත ලොකු වෙනකොට.එතකොට නං ටික ටික මට දුක හිතෙන්න ගත්තා.මොකද පිට අය හැදෙනකොට ප්‍රශ්න ඉතින් කොහොමත් එනවනෙ.

මගෙ අම්මා තාත්තා නැති උනොත් මගේ ජීවිතේ මට දැනිලා තියෙනවා. ඉස්සර මම ගොඩක් music, dancing කරපු කෙනෙක් එතකොට ඉස්සර උත්සව වලට ගොඩක් සහභාගී වුණා. 

අනිත් ලමයින්ගේ අම්මලා තාත්තලා කියන්න සහභාගි වෙන කොට මගේ අම්මයි තාත්තයි නැති වෙනකොට මට ගොඩක් දුක හිතුනා.නමුත් මම කිසිම කෙනෙක්ට ඒ දුක ගැන කියන්න බැහැ.”

ඉතින් ඒ වගේම මේ දිනවල ජනප්‍රිය ලිවින් ටුගෙදර් සංකල්පය ගැනත් ඇය මේ විදිහට කතා කලා..

“මම දකින විදියට මට කිසි වරදක් නැහැ. මොකද අපි නොදන්න කෙනෙක් එක්ක එක පාරටම ජීවත් වෙන්න අමාරුයිනේ. ඊට පස්සේ තමයි නිකම් ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා කලින් එකට ඉදලා විවාහ වෙන්න සුදුසුයිනම් විවාහ වෙන එක හොදයි කියලා මම හිතනවා. 

මේක මගේ පෞද්ගලික මතය. මම මේ වෙනකොට ලිවින් ටුගෙදර් ඉන්නේ. මට දැන් අවුරුදු 28ක්. අම්මනම් කියනවා දැන් විවාහ වෙන කාලේ හරි ඉක්මනට කසාද බදින්න කියලා.”

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම මේ වෙනකොට ලිවින් ටුගෙදර් ඉන්නේ... Rating: 5 Reviewed By: webgossip24.com