728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 2, 2023

කුඩු අංජුට ප්‍රංශයේ වයින් සමාගමක් - ඩුබායි රටේ තියෙන වත්කම් සියල්ලත් හෙළිවෙයි


 රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි රටේ වතුර බෝතල්  නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වා ගෙන යන අයකු බවට එම රටවලින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වන නිසා වෙනත් අයකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන බවද එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගැනීමට ඇත.

ඩුබායි රටේ මොහුට වතුර බෝතල් කර විකිණීමේ කර්මාන්ත ශාලාවක් ද, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක්ද තිබෙන බව ද එම රටෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි  මාර්ග සඳහන් කරයි.

මෙම ගොඩනැගිලි සංකීර්ණය ඔහු කුලියට ලබා දී ඇතැයිද කියති.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟව සිටින බටුවිට චාමර සහ ගල්කිස්සේ ජූඩ්නැමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතුවලට හවුල් කරගෙන සිටින බවද එම රටෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ.

කුඩු අංජුනැමැත්තා මේ වන විට ප්‍රංශ අධිකරණයක් මගින් මෙම මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කුඩු අංජුට ප්‍රංශයේ වයින් සමාගමක් - ඩුබායි රටේ තියෙන වත්කම් සියල්ලත් හෙළිවෙයි Rating: 5 Reviewed By: webgossip24.com