728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, September 9, 2023

තැපැලෙන් පාර්සලයක් ගන්න තිබෙන බවට ව්‍යාජ SMS එකක් - හැමෝම දැනුවත් වෙන්න දැනටමත් ගොඩ දෙනෙක් අමාරුවේ


 තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් හරහා සිදු කෙරෙන මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ ගයත්‍රි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, පාර්සලයක් ලබාදීමට ඇතැයි සඳහන් කරමින් ඒ හරහා වෙබ් ලින්ක් එකක් සහිත එස්එම්එස් පණිවිඩයක් විවිධ පුද්ගලයන්ට ලැබීමට සලස්වා ඇති බවත් එම ලින්ක් එක ඔස්සේ ගිය විට ජනතාවගෙන් මුදල් අයකරගෙන ඇති බවයි.

එයට නොරැවටෙන ලෙසද ඉල්ලා ඇත.එවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු 1950 යන ක්ෂණික ඇමතුම් අංකයට ලබාදිය හැක.ඊට අමතරව 0112 542 104, 0112 334 728, 0112 235978 යන දුරකතන අංකවලට ඒ පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකියි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ අංශය මගින් පරික්ෂණයක් ක්‍රියාත්මක බව, ගයත්‍රි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා ය.

තැපැල් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මේ ගැන නිවේදනයක්ද සටහන් කර ඇත.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තැපැලෙන් පාර්සලයක් ගන්න තිබෙන බවට ව්‍යාජ SMS එකක් - හැමෝම දැනුවත් වෙන්න දැනටමත් ගොඩ දෙනෙක් අමාරුවේ Rating: 5 Reviewed By: webgossip24.com