භාතිය සන්තුෂ් එහෙමත් නැතිනම් B n S කියන්නේ ලංකාවේ ගායන ක්ශේෂ්ත්‍රයේ බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙලා හිටපු කවුරුත් ආදරය කරන ගායන ශිල්පීන් දෙදෙනෙක්. ඉතින් භාතිය ජයකොඩි සහ සන්තූෂ් වීරමන්ව වෙන වෙනමම දෙදෙනෙක් වුනත් කලා කටයුතු වලදී ඔවුන් දෙදෙනා බී එන් එස් විදියටයි හැමෝම හදුනන්නේ. ඉතින් මේ දිනවල සිරස වොයිස් තරගාවලියේ විනිසුරු මඩුල්ල නියෝජනය කරන ඔවුන් දෙදෙනා ආදරණීය ගායකයින් දෙදෙනෙක්.

භාතිය ජයකොඩි කියන්නේ මේ වන විට සුන්දර පවුලක් තියෙන ආදරණීය දියනියක් ඉන්න පියෙක්. ඉතින් ඔහු ගැන හැමෝම කතා බහ කරන්නේ ඔහුගේ කතා බහ කිරීමේ දී ඇතිවන අපහසුතාවයයි. ඉතින් මේ හේතුව නිසා පාසල් කාලයේ ඉදලම භාතිය ගොඩක් දුක් විදපු යහලුවන්ගෙන් විවිධ කතා අහපු කෙනෙක්. ඒ වගේ දේවල් වලට ඔහු දිරිමත් වෙලා සාර්ථක ගමනක් යන්න කෙනෙකුට උපදෙස් දෙන්නේ මේ විදියටයි.
” ඉස්සර මට ඉස්කෝලේ ගියාම යාලුවො හිනා වෙනවා. මම ගෙදර ඇවිල්ලා හොදටම අඩනවා. මම දවසක් ළමයෙකුට ගැහුවත් එක්ක. අපේ තාත්තා මට කියනවා ඕක ඔයාට උපතින්ම ලැබුණු දෙයක්නෙ. ඒ නිසා ඒකට මුහුණ දෙන්න කියලා. ඉතින් මට හම්බවුණා ඉස්කෝලේ යන පොඩි දරුවෙක්ට මේ ගැටලුවම තියෙන. ඉතින් මම එයාට කිව්වේ ඔයාට යාලුවෝ එහෙම කිව්වම තරහගන දුක් වෙන එපා කියලා. මොකද ඒක ඇත්තටම තමන්ට තියෙනවනෙ ඉතින් ඒක පිලිගන්න කියලා. එතකොට තමන් වැඩක් කරනවනම් ඒ දේට උපරිම හිත යොමු කරලා වැඩ කරන්න පුලුවන් නිසා.”

මේ විදියටයි භාතිය ජයකොඩි අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි අනාගතයට අපි සුබම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.